ජනතා ප්‍රශ්න වලට රජය විසින් නිසි විසඳුම් ලබා නොදීම නිසා උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත් එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මර්ධනයෙන් ප්‍රතිචාර දැක්වීම අනුමත කල නොහැකි බවත් සමගි තරුණ නීතිඥ බලවේගයේ සාමාජික නීතිඥ මහේෂ් පරාක්‍රම මහතා පැවසීය.

ඔහු කියා සිටියේ වෛද්‍ය උපාධි පෞද්ගලීකව ලබාදීමට එරෙහිව ශිෂ්‍යයින් විරෝධතාවයේ නිරතවන්නේ නම්, ශිෂ්‍යයින්ට එරෙහිව මර්ධනය ක්‍රියාත්මක නොකර ඔවුන් සමග සාකච්ඡා කර රජයේ සැලසුම් ඔවුන්ට ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රාජ්‍යයක යුතුකම බවයි.

නීතිඥ මහේෂ් පරාක්‍රම මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනවරමක් නොමැති ජනාධිපතිට ජනතාව සම්බන්ධයෙන් වගකීමකින් තොරව කටයුතු කල හැකි බව වත්මන් දීවර ගැටලුවේදී අනාවරණය වන බවත් 1996 දීවර පනත සංශෝධනය කිරීම මගීන් ඉන්දීය දිවරයින්ට මෙරට මුහුදු තිරයේ දීවර කර්මාන්තයේ නියැලීමට ඉඩ සැලසෙන බවත් ඒ හරහා රටේ ස්වයිරිත්වයට මෙන්ම ආර්ථික අර්බුදයක සිටින අපේ රට තව තවත් අගාදයට වැටෙන බවත් එය දශක ගණනාවකින් නැවත යථා තත්වයට පත්කර නොහැකි බවත්‍ ය.