ප්‍රශ්න වලට විසඳුම් නැති සටන් පාඨ වලින් පමණක් ජීවත් වෙන්න හදන දේශපාලන අන්තවාදී සංවිධාන, ජනතාවගේ විශ්වාසය දිනා ගන්න බැරි සංවිධාන පාරලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විශ්වාසය බිඳින්න හදනව බව ඊයේ (01) විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට එක වෙමින් ඉමිතියාස් බාකීර් මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මහතා.

2022 අවුරුද්දේ අපි කවදාවත් අත් නොදුටු අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවුණා. වේලක් කන්න උත්සාහ ගන්න විදිහ ,බෙහෙත් ටිකක් ගන්න උත්සාහ කරපු විදිය, මිනිස්සු විදින දුකෙහි ඛේදවාචකයක් අපි පහු කරමින් සිටින්නේ .හැබැයි අපි අපේ ඉලක්කයන් අරමුණු දුර්වල කරගන්න වුවමනාවක් නැහැ. එයට ලෝකයේ ඕනේ තරම් අත්දැකීම් අපිට තියෙනවා. දකුණු ආසියාව, අග්නිදිග ආසියාව වැනි රටවල් ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය බලන්න. ලෝකයේ මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දුන්න රටවල් වලට විකල්ප දෙකක් තියෙනවා එකක් නැත්තටම නැති වෙලා විනාශ වීම සහ ඒකෙන් ගොඩ ඒම අපි දැක්කා දෙවෙනි ලෝක යුද්ධයේදී ජපානය නාගසාකි හිරෝෂිමා දාමු බෝම්බ වලින් අළු දූවිලි බවට පත් වුණා. වියට්නාමය, හිට්ලර්ගේ වැඩපිළිවෙළ හින්දා විනාශයට පත් දශකයක් දෙකක් යනකොට නැගිට්ටා ලෝකය ආර්ථික යෝදයෝ බවට පත්වුණා.අපේ ළඟම රටක් වන සිංගප්පූරුව මැලේසියානු ප්‍රාන්ත රාජ්‍යයන් දොට්ට දැම්මා මැලේසියාව සිංගප්පූරුව හුදකලාව වුණා ලීක් වාන් යූ කතා කළේ හැඬූ කඳුළින් කතා කළේ. මැලේසියාවේ උදව් නැතුව අපි කොහොමද අනාගතයක් ගොඩ නගන්නේ කියලා එයා කල්පනා කරා. වතුර ටිකක් නෑ සිංගප්පූරුවට නමුත් අධිෂ්ඨානය අත්හැරියේ නැහැ. කුලීකාරයන් ගේ රටක් විදියට එදා සිංගප්පූරුව හැදින්වුවා මිනී මරා ගත්තා කුලීකාරයන් එ රට අද ලෝකයේ ආර්ථිකය අතින් ප්‍රබල රටවල් අතළොස්ස අතරට ඇවිත් පොහොසත් රටක් බවට පත්වෙලා තියෙනවා මැලේසියාව නැතුව අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා කල්පනා කරපු ලී ක්වාන් යූගේ සිංගප්පූරුවට සංචාරකයන් මැලේසියාවට ආකර්ෂණය කරගන්න උපායමාර්ග යොදනවා ඒක තමයි අපි දකින යථාර්ථය. ඒ නිසා අපි බලාපොරොත්තු නැති කරගත යුතු නැහැ අපේ රට මැදි ආදායම් රටක් බවට පත් වෙච්ච රටක් ඇයි අපිට මෙහෙම වුණේ ආසන්න හේතු මොනවද මේ සියල්ල සිදුවුණේ 2005න් පස්සේ සමහර ප්‍රශ්න වලට විසඳුම් නැති සටන් පාඨ වලින් පමණක් ජීවත් වෙන්න හදන දේශපාලන අන්තවාදී සංවිධාන ජනතාවගේ විශ්වාසය දිනා ගන්න බැරි සංවිධාන පාරලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විශ්වාසය බිඳින්න හදනවා. 225ම එකයි කියනවා ඒගොල්ලෝ දන්නවා ඡන්දයකින් බලයට එන්න බැහැ කියලා අද පාර්ලිමේන්තු බලය කෙරෙහි විශ්වාසය බිඳ හැරලා වෙනත් මාර්ගවලින් බලයට එන්න ඒ අය උත්සාහ කරනවා. මට මතක් වෙනවා 89 කාලයේ ඡන්ද දෙන්න ගියොත් අත් දෙක කපනවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංවිධාන වල දරපු වගකීම් වලින් ඉවත් වුණේ නැත්නම් ඝාතනය කරනවා. හමුදාවේ පොලිසියේ කට්ටිය ඒවාගෙන් අසුනේ නැත්නම් මරණයට පත් කරනවා. එවැනි බිහිසුනු තත්වයක් මේ රටේ තිබුන බස් ගිනිබත් කළ රජයේ දේපල ගිනිබත් කළ ඉතාම අවාසනාවන්ත ත්‍රස්තවාදය යුගයක් අපේ රට උතුරු-දකුණු හැමතැනම මුහුණ දුන්නා. නමුත් අපි ඒ රටේ පාලකයෝ කවුද කාලෙන් කාලෙට පාලකයා තෝරන්න තියෙන අයිතිය පමණක් නෙමෙයි තීන්දු ගන්න වෙලාවට ජනතාවක් සහභාගී කරගෙන තීන්දු ගන්න ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ආරක්ෂා කරගත යුතුව තිබෙනවා. එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ දිනයේදීම අභියෝග අනිත් පැත්තෙන් ආර්ථික අර්බුදය .

එදා ලංකාවට කිව්වේ දකුණු ආසියාවේ ස්විස්ටර්ලන්තය වෙන්න යන රට කියලා අපි නිවැරදි දැක්මක් නැතුව වල්මත් වෙලා ගියා රටක් විදියට සටන් පාඨ වලට රැවටුනා ඒ වගේ විපාක තමයි දැන් අත්විඳින්නේ ජනතාව අතර ගැටුම් ඇති වෙලා වාර්ගික ප්‍රශ්න ඇති කළා පන්ති ප්‍රශ්න ඇති කළා මට මතක් වෙනවා සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව් ධනපතීන් භංග වේවා වැනි සටන් පාඨ ඒවා අපිව කොහාටද ගෙනිච්චෙ ප්‍රවාහන සේවය රජය තු රජය සතු කරා අන්තිමට ඒවා ගෙන් ලැබුණු බඳු ආදායම් අපට නැතිවුණා අධ්‍යාපනයට යොදන්න පුළුවන් සල්ලි අහිමි වුණා යමක්කමක් තිබිච්ච උදවිය ව්‍යාපාර දියුණු කරගෙන ඒ අය දියුණු වෙන අතර බදු ගෙව්වා. ඒ සල්ලි වලින් නිදහස් අධ්‍යාපනය පුළුල් කරන විදියට මහපොළ දුන්නා නිල ඇඳුම් දුන්න පොත්පත් දුන්නා සෞඛ්‍ය පහසුකම් දුන්නා අද තත්වය එදා තිබුණෙ නැහැ නමුත් ඒවා ඔක්කොම ආණ්ඩුවට ගත්තට පස්සේ සුදු අලි බවට පත් වුණා. ඒවා නඩත්තු කරන්න ජනතාවගේ අධ්‍යාපනයට යොදන්න තියෙන සල්ලි යොදන්න සිදුවුනා සෞඛ්‍යයට යොදන්න තියෙන සල්ලි යොදන්න උනා ලෝකයේ කිසිම රටක් නැහැ සටන්පාඨ දේශපාලනය තුළින් රැකියා ප්‍රශ්න විසඳපු ලෝකයේ කිසිම රටක් නැහැ දුප්පත්කමක් ජයගත්ත රටක් සටන්පාඨ දේශපාලනය තුළින්. අපිට සාක්ෂි කියනවා සෝවියට් දේශය එදා තිරිඟු වලට යුරෝපයටම තිරිගු පටවපු රුසියාව ඔය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා තිරිඟු ටික ගන්න ලෝකෙට අතපාන්න සිදුවණා නැගෙනහිර යුරෝපය බඩගින්න විරැකියාව වැඩි වෙද්දී පෝලන්තය හංගේරියාව වැනි රටවල තරුණයො පාරට බැස්සා නැගෙනහිර ජර්මනිය උදවිය තාප්පෙන් පැනලා බටහිර ජර්මනියට යනවා ජීවිත අවදානමට දාලා. චීනයේ උදවිය හොංකොං වලට පනිනවා ප්‍රශ්නවලට විසඳුම් වැඩ නිසා ලෝකයේ කිසිම රටක් නැහැ ඔය සටන්පාඨ දේශපාලනයෙන් ප්‍රශ්න වලට විසඳුම් දීලා මිනිසුන්ගේ පපුවට අයිස් කැට දානවා වගේ දේශපාලනය කතා කරනවා නමුත් විසඳුමක් නෑ ඒ නිසා නිවැරදි දැක්මක් තිබිය යුතුයි හරි නායකත්වයක් තිබිය යුතුයි දක්ෂ කණ්ඩායමක් සිටිය යුතුයි අද හර්ෂ ද සිල්වා මහත්මයා වගේ උදවිය බිලී බා ගන්න උත්සාහයන් මාධ්‍යයේ අපි දකිනවා ඇයි, ඒ දක්ෂ කණ්ඩායමක් නැති හින්දා අද ඉන්නේ ජනතාව වරමක් නැති සංක්‍රාන්තික ජනාධිපතිවරයෙක් විජයතුංග මහත්තයා හිටියා වගේ තමන්ගේ භූමිකාව තේරුම් අරන් විජේතුංග මහත්තය නම නරක් කර ගන්නේ නැතුව දේශපාලනයෙන් ඉවත් වෙලා ගියා අද මොකක්ද වෙන්නේ ජන වරමක් නැති නායකයා මැතිවරණ කල් දාන්න උපාය මාර්ග යොදනවා මාධ්‍ය මගින් ඒවාට විවිධ හේතු දක්වනවා මැතිවරණ කල් දාන්න රටේ ජනතාව ඉඩ දෙන එකක් නෑ ඒ වගේ තැනකට ගියොත් උපාය මාර්ග වල විපාක වලට මුහුණ දෙන්න ආණ්ඩුවට සිද්දවෙයි 70 ,75 දක්වා වරමකින් බලයට පත්වෙච්ච ආණ්ඩුව ජනවරමක් වත් නැතුව අවුරුදු දෙකක් දික් කරලත් අන්තිමට වුණේ පාර්ලිමේන්තුවේදී ජනතාව ඒ අයව වනගත කරා අන්ත පරාජයට ලක් කරා ලංකාවේ ඉතිහාසයෙන් වගේ සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ ඛේදවාචක තුළින් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා අපි නිෂේධාත්මක විය යුතු නැහැ ධනාත්මක විය යුතුයි අපිට පුළුවන් මේ අර්බුදය ජය ගන්න මේ රට ගොඩගන්න අපට නිවැරදි දැක්මක් තියෙනවා සූදානමක් තියෙනවා වගේම දක්ෂ කණ්ඩායමක් ඉන්නවා හොඳ නායකයෙක් අපට ඉන්නවා ඒ නිසා ඒ නායකත්වය කණ්ඩායම ඇතුළෙ සියල්ලටම වඩා නිවැරදි දැක්මක් එක්ක ලෝකයේ දුප්පත්කම විරැකියාව ජයගත්ත රටවල් ආර්ථික අතින් ප්‍රාතිහාර පානවා ඒ නිවැරදි මගට අපේ රට අවතීර්ණ කළ යුතුව තියෙනවා. මොකක්ද වෙන්නේ අධ්‍යාපනය අතින් ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගන්න ඉඩකඩ තිබුණා. අපි මොකද කළේ සටන් පාඨ වලට රැවටුනා යම් අවස්ථාවන් මග හැර ගත්තා අද අපේ දරුවෝ වෛද්‍ය උපාධිය ගන්න කෝටි ගණන් දේපල උගස් තියලා පිටරටවල යනවා. ඒ අවස්ථාව අපි නැති කරගත්තා ඒ වෙනුවට ඉන්දියාව පිටරට ළමයි මේ රට ගැන ගන්නවා නේපාලය පවා ළමයින් ඒ රට වලට ගන්නවා අපි ඒ අවස්ථාව නැති කරගත්තා ආසියාවේ ස්විස්ටර්ලන්තය වෙන්න තිබිච්ච රට වැරදි සටන් පාඨ දේශපාලනය නිසා වල්මත් වූණා වාර්ගික ගැටුම් වලින් වල්මත් උනා සහ ගෝත්‍රික දේශපාලනය දූපත් මානසිකත්වය හින්දා වල්මත් උනා මේ වගේන් පාඩමක් ඉගෙන ගෙන මුහුණ දෙන මේ ඛේදවාචකය අවස්ථාවක් කරගෙන අපේ රට ආසියාවේ ස්විස්ටර්ලන්තය ලෝකෙ ඉහලම රටක් බවට පත් කරන ලද ස්ථානය තවත් ශක්තිමත් කරගත යුතු අවුරුද්දක් එළඹිලා තියෙන බව සිතට ගන්න කියලා ඉල්ලන්න සමගි ජන බලවේගය වෙනුවෙන් මේක අවස්ථාවක් කරගන්නවා. නිවැරදි දැක්මකින් දායකත්වයකින් දක්ෂ කණ්ඩායමක් එක්ක ප්‍රාතිහාර පාන්න පුලුවන් කමක් නැහැ දුෂ්කර අභියෝගයක් තිබෙනවා නමුත් හරි පාරට රට අවතීර්ණ කර ගත්තොත් අභියෝග ජය ගන්න පුළුවන් මේ නිසා අධිෂ්ඨානය ආත්ම විශ්වාසය ඇතිකර ගන්න මේ රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසයෙන් මේ අවුරුද්දට මුහුණ දෙන්න ඕන.