මෑත ඉතිහාසයේ වැඩිපුරම සහල් ආනයනය කරපු අවුරුද්ද බවට 2022 පත් වූ බවත් අද වෙනකොට ගොවි මහත්වරු අන්ත අසරණ වෙලා සිටින බවත් ඊයේ (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය .

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.

රටේ ආර්ථිකය 2022 අවුරුද්දට වඩා 2023 අවුරුද්දේ කෙසේ වෙයිද කියන එක තමයි අද තියෙන ප්‍රශ්නය. 2022 අවුරුද්ද ලංකා ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීමට මුහුණ දුන්නා ලංකාව ලෝකයේ අසාර්ථකම රටවල් අතර එකක් හැටියට ගිය අවුරුද්දේ සටහන් වුණා. දරිද්‍රතාවය තුන් ගුණයකින් වැඩි වුණා. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය සම්පූර්ණ කඩාගෙන වැටුණා රැකියා අහිමිවුනා මිනිස්සුන්ට තුන්වේලක් තියා දෙවේලක් කන්නත් හැකියාවක් නැති වුණා. ඉතාමත් ම අමාරු තැනකට සමස්ත ජනතාවම කඩාගෙන වැටුනා. කෘෂිකර්මය පැත්තෙන් ගත්තොත් පොහොර නැති නිසා අස්වැන්න නැත්තට නැති වුණා ඊට පස්සේ ලංකාවේ මෑත ඉතිහාසයේ වැඩිපුරම සහල් ආනයනය කරපු අවුරුද්ද බවට 2022 පත්වුණා. අද වෙනකොට ගොවි මහත්වරුන්ට වැලේ වැල් නැතිව යන එන මං නැතිව අන්ත අසරණ වෙලා.

කර්මාන්ත අංශයත් සම්පූර්ණම කඩාගෙන වැටිලා අද ප්‍රධාන පුවත්පතක ශීර්ෂපාඨය හැටියට තියෙන්නේ තවත් ආයතන විසිදාහක් මේ අවුරුද්දේ වහන්න සිදු වෙයි කියලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කොහොමද 30% ක 35 ක පොළී ගෙවලා ආයතනයක් කරගෙන යන්නේ කියන එක පිළිබඳව කර කියා ගන්න දෙයක් නැතුව ඉතාමත්ම දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නවා. හෙට අනිද්දා වන විට නැවතත් විදුලි බිල වැඩි වෙනවා ඒත් එක්කම සමස්ත පිරිවැය වැඩි වෙනවා එතකොට කොහොමද ඒ වැඩිවූ පිරිවැය පාරිභෝගිකයාට තල්ලු කරල දාන්නේ කියන එක පිළිබඳව ඔවුන්ගේ හිතේ ලොකු ගැටලුවක් තියෙනවා. විශාල කර්මාන්ත වලටත් පහරක් වැදිල තියෙනවා. තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය අතරමැදි භාණ්ඩ ගන්න බැහැ ඩොලර් පිළිබඳව තියෙන ගැටලුව සහ ලෝකයේ දැන් වර්ධන වේගය අඩුවෙලා ආර්ථික අවපාතයකට යුරෝපය සහ ඇමරිකාව පත් වෙමින් ඉන්නවා ඒත් එක්කම ඔවුන්ට ලැබෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා බොහෝ ෆැක්ටරිවල 100% තියා 80%ක් වැඩ කරන්න බැරි තත්ත්වයට තල්ලු වෙලා තියෙනවා.අපි අරගෙන බැලුවොත් සේවා අංශය පැත්තෙන් ඒ අංශ බොහෝ වෙලාවට තියෙන්නෙ අවිධිමත් සේවා. ඒවා කඩාගෙන වැටිලා සිල්ලර සහ තොග ව්‍යාපාර කරගෙන යන කට්ටියට ඉන්ධන ප්‍රශ්නය විදුලි බිල ප්‍රශ්නය පොලී අනුපාතය ප්‍රශ්නය ඩොලර් හිඟය ප්‍රශ්නය සියලු දේ බලපාල තියෙනවා.

නිෂ්පාදන පැත්ත බැලුවොත් එහි විශාල ගැටලුකාරී තත්ත්ව වලට මුහුණ දෙමින් තිබෙනවා කොහොමද මේක නිරාකරණය කරගන්නේ කියන එක තමයි 2023 තියෙන අභියෝගය අපි පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත්තොත් ගෘහස්ත උද්ධමනය දෙසැම්බර් ඉවර වෙනකොට 57% හමාරයි ලෝකයේ ඉහළම උද්ධමනය තියෙන රටවල් වලින් එකක් අපේ රට.මම අහගෙන සමහර දේශපාලනඥයෝ කියනවා මෙන්න උද්ධමනය අඩු වෙලා කියලා. ඒකෙන් මොකද්ද ඔවුන් අර්ථකථනය කරන්නේ 57% ට අඩු වෙලා තියෙන එක හරි එය ගිය අවුරුද්දේ මාස 12 කට තිබිච්ච බඩු මිල වැඩිවෙමින් පවතිනවා 57% ක වේගයෙන් ඒක දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජනතාවට බඩු මිල දරා ගැනීම සඳහා කිසිම සහනයක් රජය විසින් ලබාදීලා නැහැ. බඩු මිල වැඩිවීමේ වේගය තමයි මේ හෙට අනිද්දා වෙනකොට ජනතාව මත උද්ධමනයට තවත් වැඩි වෙනවා. මූලිකම හේතුව විදුලි බිලේ බලාපොරොත්තු වෙන වැඩිවීමත් අනිත් පැත්තෙන් ජනතාවගේ බදු වැඩි වෙලා තියෙනවා ඒ හරහා වියදම් කිරීමට අතේ ඉතුරු වෙන මුදල අඩු වෙලා තියෙනවා ජනවාරි මාසයේ පඩියත් එක්ක ඒ වැඩි කරපු බදු තමන්ගේ ආයතනය විසින් පඩිය ගෙවන කොට කපා ගන්නවා ඒක 6% ඉඳලා 36% දක්වා වැඩි වෙලා. එක පැත්තකින් බඩු මිල වැඩි වෙනවා අනිත් පැත්තෙන් අතට ලැබෙන ආදායම අඩු වෙනවා ජීවන බර උහුල ගන්න බැරි තරමට බැරෑරුම් වෙනවා. පඩි වැඩි වෙනවද කියලා හොයලා බලනකොට එය කිසිම විදියකට කරන්න රජයට හැකියාවක් නැහැ. පුද්ගලික අංශයේ වැඩි කිරීම සම්බන්ධයෙන් රජයට තීරණ ගන්න බැහැ නමුත් පුද්ගලික අංශය බොහෝ වෙලාවට කියන්නේ කොහොම හරි අපේ රැකියා ටික සුරක්ෂා කර දෙන්න පුළුවන් නම් ඒක තමයි කළ යුතු ප්‍රධානම දේ කියලා. එහිදී 2023 අවුරුද්දේ මේ යන විදියට රට ඉස්සරහට ගියොත් ජනතාවට බලාපොරොත්තු වෙන්න කිසිම දෙයක් නැහැ. හැබැයි අපි ලෝකය දිහා අසල්වැසියන් දිහා බැලුවොත් අපිට පේන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් ඉන්දියාව සීඝ්‍රයෙන් දියුණු වෙනවා තමිල්නාඩු ප්‍රාන්ත කේරල ප්‍රාන්ත දකුණු ඉන්දියාව ඉන්දියාවේ දැකපු නැති තරම් වේගයකින් ආර්ථිකය වර්ධනය වෙනවා කර්මාන්ත ශාලා විවෘත වෙනවා රැකියා නිර්මාණය වෙනවා පඩි වැඩි වෙනවා ජනතාවගේ අතේ මුදල් වැඩි වෙනවා බංග්ලාදේශය ලෝක බැංකු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා දරිද්‍රතාවය සීඝ්‍රයෙන් ම අඩුකරන රට බංගලාදේශය කියලා කර්මාන්ත වර්ධනය වෙනවා රැකියා උත්පාදනය වෙනවා අග්නිදිග ආසියාවේ රටවල් වල වියට්නාමය හිතාගන්නත් බැරි වේගෙන් දියුණු වෙනවා අප්‍රිකාව රුවන්ඩා වගේ රට වල් ඝ්‍රයෙන් දියුණු වෙනවා එහෙමනම් මේක සමහරු උත්සාහ කරනවා කියන්න ගෝලීය ගැටලුවක් ලංකාවටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා එහෙම එකක් නෙමෙයි මේක ලංකාවේ දේශපාලඥයන් මෑත කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ නිර්මාණය කරපු ප්‍රශ්නයක්. අපි පිළිගන්නවා ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය තිබුණේ ඒ තරම් හොඳ තත්වයක නෙමෙයි ඒක හරි, ගැටලු මහා ගොඩක් තිබුණා 2018 ඔක්තෝම්බර් මාසේ තිබිච්ච කුමන්ත්‍රණයෙන් පටන්ගත්තම 2019 පාස්කු ප්‍රහාරයත් එක්ක ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවුණා නමුත් රට යම්කිසි විදියකට ඉදිරියට යමින් හිටියා හැබැයි ඒක සම්පූර්ණ විනාශ කරලා දාලා දැන් ගෝඨාභය රාජපක්ෂ පත්තර වල ටීවී වල පෙන්නනවා ඩුබායිවල සංචාරයක නිරත වෙලා ඉන්නවා ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ හැබැයි ඔහු විසින් බංකොලොත් කරපු රටේ මිනිස්සු එක වේලක් කන්න බැරුව ඉතාමත් ම අමාරු තැනකට වැටිලා ඉන්නවා මේ ආර්ථික ගැටලුව නිර්මාණය කරන්න ඔහු විසින් ගත් තීරණ සම්බන්ධයෙන් කිසිම විදිහකට තාම රජය පරීක්ෂණයක් කරන්න ආරම්භ කරලා නැහැ. ඒකෙන් කියවෙන්නේ එම කණ්ඩායම විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච කතාව ඇත්ත. රනිල් වික්‍රමසිංහ සමග මේ රට අද වෙනකොට පාලනය කරගෙන යන්නෙත් අර රට බංකොලොත් කරපු කණ්ඩායම ඒ කණ්ඩායමට මේ රට ගොඩගන්න පුළුවන් කියලා කිසිම කෙනෙකුට විශ්වාසයක් නැහැ.

ඊයේ පෙරේදා bloomburg ගෝලීය මාධ්‍ය මොකක්ද කිව්වේ. ලංකාවේ ගැටලුව නුදුරු අනාගතයේදී බේර ගන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය ගැන. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවම රටට ඒත්තු ගන්වන ඔවුන් උත්සාහ කළා ජපානයේන් බිලියන හතරක් එනවා තව තැනකින් බිලියන දෙකක් එනවා ලංකාවේ ප්‍රශ්න විසඳ ගන්න හොඳ රාජතාන්ත්‍රික ලෙස හැකියාව තියෙනවා කියලා. කනගාටුයි කියන්න එක සතයක්වත් ඇවිත් නැහැ ඔය කියපු සල්ලි වලින්. ඔව් කුඩා ප්‍රමාණයේ ආධාර , බෙහෙත් ලැබී තියෙනවා ඇමරිකාවට ඩොලර් මිලියන 240ක ආධාරයක් කරා කියනවා. පොහොර දෙනවා ගොවි මහත්වරුන්ට යම්කිසි ආධාරයක් දෙන්න යනවා ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ ලංකාව වැටිලා ඉන්න ණය උගුලෙන් බේරගන්න රාජතාන්ත්‍රික සම්බන්ධතාවය ට මොකද වුණේ.අද වෙනකොට චීනය තවමත් ලංකාවේ ණය ප්‍රතිසංස්කරණය කරන්න වැඩසටහනකට එකඟ වෙලා නැහැ ඉන්දියාව එකඟ වෙලා නැහැ මහා විශාල ලෙස කතා කරා පැරිස් ක්ලබ් එකගයි කියලා එය එකඟ වෙලත් නැහැ ඒ අතරවාරයේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගෙවන්න තිබිච්ච පොලිය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ රජය මැදිහත් වෙලා ගත්ත ණය එකට ගෙවා ගන්න බැරුව හිටිය සමහර රටවල් එහෙම උනාම ඔවුන්ගේ ගුවන් යානා නැව් වෙන රටවල් වලින් සීස් කරපු අවස්ථා තිබුනා .

ඒ කියන්නේ මේ මූලික ප්‍රශ්න වලට විසඳුමක් පේන තෙක් මානෙක නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර දෙසැම්බර් ඉවරවෙන්න කලින් එනවා කිවුවා ඒක ආවෙත් නැහැ ජනවාරි මාසේ එනවාමයි කිව්වා ඒත් එන පාටක් නෑ ඒ නිසා කිසි දෙයක් කරගන්න බෑ රට ගොඩ දාගන්න බෑ ජනතාවගේ බඩු මිල අඩු කරගන්නත් බෑ නිෂ්පාදන පටන් ගන්න බෑ කුඩා හා මධ්‍යම ්‍යාපාර ඉස්සරහට අරගෙන යන්න බෑ ලංකාව වැටිල තියෙන මහ විශාල ණය උගුලෙන් ගොඩ එන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට ඔවුන් සමග එකඟ වෙන්න බැරිනම් ඒක වෙන පාටක් නැහැ. එහෙමනම් 2023 ප්‍රශ්න වලට විසඳුමක් තියෙනවද තෙල් පෝලිම අඩු වෙච්ච පලියට ණය ටික ගෙවන්න නැති නිසා ඩොලර් ඉතුරු වෙච්ච නිසා කවුරුහරි කියනවා නම් විපර්යාසයක් කරා මේ රජය විසින් රට ගොඩ දැම්මා කියලා ඒවා ගිහිල්ලා කියන්න පුළුවන් ඔවුන්ගේ කතා අහන වහල්ලුන්ට අද රටේ ජනතාව ඔය බොරු අහලා සැහීමකට පත් වෙන්න සූදානම් නැහැ ඒ නිසා 2023 මේ රට ගොඩගන්න නම් අත්‍යවශ්‍ය ප්‍රධානම කාරණය ජනතාවට විශ්වාස කරන්න පුළුවන් ජනතාව පිළිගන්න අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා සමහර කියනවා ඡන්දයක් කරන්න බිලියන දහයක් වියදම් කරොත් කන්න දෙන්න සල්ලි නැති වෙයි තෙල් ගෙන්න සල්ලි නැති වෙයි කියලා රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ පෙන්වලා දුන්නා සීනි වංචාවෙන් විතරක් බිලියන කොච්චරක් අහිමි වෙනවද කියලා ඉතින් මේකට පුළුවන් ලංකාවෙ තියෙන සල්ලි ටික එකතු කරගත්ත නම් ඡන්ද දෙකක් තියන්න මොනවද මේ කියන්නේ එක පැත්තකින් කියනවා ඡන්ද කරන්න සල්ලි නැහැ කියලා අනිත් පැත්තෙන් හොරකමට වංචාවට දූෂණයට දොර ඇරලා ජනතාවගේ අයිතිය තමන්ට සරිලන කණ්ඩායමක් තෝරගන්න පළාත් පාන මැතිවරණයට නාමයෝජනා කැඳවන්න දින නියම කරන්න ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ආණ්ඩුව කුඩුපට්ටම් වෙන්න පරදිනවා කියල දැනගන්න නිසා සමීක්ෂණ වලින් ඔප්පු වෙන නිසා සමහරුන්ට අවශ්‍ය වෙලා තියෙනවා ආන්ඩුවේ මේක තවදුරටත් කල් දාගන්න හැබැයි ඡන්ද කල් දාලා ඔවුන්ට වෙන්නේ ලැබෙන්න තියෙනවා පරාජය තවත් වැඩි වෙන එක ලංකා ඉතිහාසයේ ඡන්ද කල් දාපු සියලුම කණ්ඩායම් වලට ඒක වුණා යන්තම් හරි බේරගන්න පුලුවන් සයිස් එකක දැන් ඉන්නවනම් තව පරක්කු වුණොත් ඒකත් නැති වෙනවා අපි බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ඡන්දයට සාර්ථකව මුහුණ දෙන්න පෙබරවාරි අග හෝ මාර්තු. ඒත් සමගම ලංකාවේ අලුත් බලාපොරොත්තුවක් ගොඩ නැගෙන්න පටන් ගනීවි ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා මාර්තු මාසයේ වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවන්න ඊට පස්සේ මහ මැතිවරණයකට ගිහිල්ල අලුත් ආණ්ඩුවක් නිර්මාණයක් කරන්න හැකියාව තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ලංකාව මේ මහා විශාල වළෙන් ගොඩ ගන්න දකුණු ඉන්දියාව බංග්ලාදේශය වියට්නාමය රුවන්ඩාව වැනි ශක්තිමත් ආර්ථිකයක් රැකියා නිර්මාණය වන ලෝකයත් එක්ක එකට වැඩකරන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනඟන්න අපේ දායකත්වය සහ නායකත්වය හරහා ඒ බලාපොරොත්තුව ලබා දෙනවා.

වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය නොකර අපිට ඉස්සරහට යන්න බෑ කියන දැඩි ස්ථාවරත්වයේ අපි ඉන්නවා අපි දිගින් දිගටම ඒ කියන්නේ රට වටේට තියෙන තාප්ප බිඳලා දාලා රටෙන් ලෝකෙට පාලම් බඳින්න ලංකාව යන් සාගරයේ කේන්ද්‍රස්ථානය හැටියට ශතවර්ෂ ගණනාවක් තිස්සෙ ලබපු සාර්ථක ජයග්‍රහණ වලින් ඉගෙන ගෙන ඊළඟ එන අවුරුදු විසි පහේදී මේ ප්‍රදේශය සීඝ්‍රයෙන් වර්ධනය වෙනකොට ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනයක් ලබන ප්‍රදේශය බවට පරිවර්තනය වෙනකොට අපි ලෝකෙට සම්බන්ධ වෙලා ඒ අයගේ සාර්ථකත්වයත් සමගම අපේ සාර්ථකත්වය ගොඩනඟා ගන්න ඕන සමාජ සාධාරණත්වය යුක්තිය පිළිබඳව අපි අවධානය යොමු කරනවා ඒක තමයි අපේ වැඩපිළිවෙළ අපි නායකයාගේ ඇතුළු කණ්ඩායමේ යම්කිසි දැක්මක් තියෙනවා ඒ ඔක්කොම සංකලණය වෙලා තමයි අපි මේ රටේ ජනතාවට අපේ කණ්ඩායම හැටියට සමගි ජන බලවේගය වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න අපි කතා කරන්නෙ දත්ත සාක්ෂි සමග අවදානම් කියන තියෙනවා විය යුත්තේ කුමක්ද කියන එක අද සමහර කට්ටිය අපි කියපු දේවල් වලට විරුද්ධ වෙච්ච කට්ටිය අද කියනවා ඔව් ඒක තමයි කළ යුත්තේ කියලා. අපිටත් පුළුවන් දෙකයි පනහෙ වැඩ කරන්න ආණ්ඩුව ගෙන සියලු දෙයට අපිට විපක්ෂ වෙන්න පුළුවන් නමුත් අපි එහෙම කරන්නේ නැහැ අපේ මේ රට වෙනුවෙන් කළ යුතු සියලු දේ කරනවා අපිට අවශ්‍ය නැහැ අපි මට පෙන්නල තියෙනව ඇමතිකම් නැතුව කොහොමද විපක්ෂයක් විදියට රට ගොඩගන්න ක්‍රියාත්මක වෙන්නේ කියලා ජනතාව ඒ ප්‍රසාදය අපිට දෙනවා හැබැයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙහෙම සුක්කානම ලබා දෙනවා නම් අපිට පුළුවන් ඉස්සරහට රට අරගෙන යන්න ඒ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව දෙන්න ජනාධිපතිවරයා ට හැකියාවක් තියෙනවා ව්‍යවස්ථාදායකයේ අවකාශය තියෙනවා ජනවරමක් තියෙන ආණ්ඩුවක් ලබාගන්න.

එක පැත්තකින් ලෝක බැංකුව කියනවා ලංකාවේ රිද්‍රතාවය ගිය අවුරුද්දේ දෙගුණයක් වැඩි කරා ගෝඨාභය රාජපක්ෂ සහ එයාගෙ ගෝලබාලයෝ හෙංචයියෝ කට්ටිය අනිත් පැත්තෙන් ඒ ලෝක බැංකුව ම කියනවා සීඝ්‍රයෙන් ම දරිද්‍රතාවය අඩු කරන්නේ බංග්ලාදේශය කියලා මොන ලැජ්ජාවක්ද අයිසේ මේ රටවල් දෙක එකක් කඩාගෙන පහලට යනවා අනිත් එක විශිෂ්ට ලෙස ඉස්සරහට යනවා බංගලාදේශයෙන් ඩොලර් මිලියන 250 ක් ණයට ගත්තා මාස තුනෙන් දෙන්නං කියල ඒ මිනිස්සු දෙන්න අපිව හොයාගෙන යනවා අපි ඇඳ යට හැංගෙනවා මුණ ලැජ්ජාවක්ද ඇයි අපේ මිනිස්සුන්ගෙ වැරැද්දක් ද මොකක්ද මේක බැරිනම් දාලා යන්න තවත් මිනිස්සුන්ට වද නොදී යන්න පුළුවන් මනුස්සයෙකුට කරන්න අවස්ථාවක් දෙන්න.