විපක්ෂ නායක කාර්යාලය අද 15 පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා.

පසුගිය දිනක බැසිල් රාජපක්ෂ කියනවා දැන් ජනතාවට කන්න නැහැ ආණ්ඩුවත් ඒගොල්ලන්ගේ නෙමෙයි ඒකට වග කියන්න අපිට බැහැ කියලා එහිදී ජනතාව ප්‍රශ්න කරන්නේ ඒගොල්ලන්ගේ නෙමෙයි නම් කාගෙද මේ ආණ්ඩුව කියලා. පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණේ 134ක් ඡන්දය දීලා ජනාධිපති කෙනෙක් පත් කළා පොදුජන පෙරමුණේ කැබිනට් එකකුත් ඉඳගෙන දැන් ආණ්ඩුව ඒගොල්ලන්ගෙ නෙමෙයි කියනවා. නැවත ජනතාව රවට්ටන්න යන්නේ කවුද ජනතාවට කන්න නැති කරේ කවුද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට පත් කෙරේ කවුද, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධානය කියනවා මේ රටේ ආර්ථික ඝාතකයෝ හිටියා ආර්ථිකය වලපල්ලට දැම්ම අයට දඬුවම් දෙන්න ඕන කියලා. දැන් ඒ ආර්ථිකය ඒ තත්ත්වයට දාපු අය කියනවා අපි මේකට වගකියන්නේ නැහැ කියලා. ජනතාව ඉදිරි මැතිවරණයේදී ඒකට හොඳට වගකියාවි.

සමගි ජන බලවේගයේ අපි ප්‍රධාන විපක්ෂ එකතුවෙලා මැතිවරණයක් ඕන කිව්වා. හැබැයි ආණ්ඩුව එම මැතිවරණය ලබාදෙන බව ඉඟි පළ කරන්නේ පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ අමාරුවෙන් තමයි ඇදගෙන යන්නේ. එක එක පනත් ගේනවා මන්ත්‍රීවරු අඩු කරන්න ඕන කියනවා හැබැයි වැඩි කරපු අයම අඩු කරන්න ඕන කියනවා මේ ආණ්ඩුව තියෙන පිස්සුව ඊළඟ ඡන්දයේදී නැති කරනවා.

අද වෙද්දී අපේ රට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දී තිබෙනවා පසුගිය දිනවල තරුණ තරුණියන් ඇතුළු සමස්ත ජනතාව එකතු වෙලා system change එකක් ගැන කතා කරා ඒ තුළින් ජනතාව ඉල්ලුවේ ක්‍රමයේ වෙනසක් ඒ වගේම අල්ලස් සහ දූෂණ නැති වෙන්න ඕන කිව්වා තරුණ අයට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න වැඩි අවස්ථාවක් ඉල්ලුවා ඒවා තමයි ඉල්ලීම් වල තිබුණේ ඒ සඳහා සමගි ජන බලවේගය මූලික වෙලා ඒවාට පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.නමුත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැතිව 19 වන සංශෝධනය ටත් වඩා ඉහළට ගිය පනතක් ගෙන්වා කියලා ඊටත් අඩු පනතක් ගෙනත් සම්මත කරලා තියෙනවා. ජනාධිපතිධූරය ඒ විදියටම තියෙනවා ඒ වගේම ඉමිතියාස් බාකිර් මාකාර් මැතිතුමා පාර්ලිමේන්තුවට තරුණ නියෝජනය පිළිබඳ පනතක් ඉදිරිපත් කළා ඒකත් ක්‍රියාත්මක කරන්නෙ නැතුව ඔවුන්ගේ මන්ත්‍රීවරයෙක් හරහා වෙනත් පනතක් ඉදිරිපත් කළා ඒ වගේම රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා අල්ලස හා දූෂණය පිළිබඳව ක්‍රියා කරන්න ඕනේ කෙසේද කියලා පනතක් ඉදිරිපත් කලත් ඒකත් හමස් පෙට්ටියට ගිහිල්ලා. දැන් සිස්ටම් චේන්ජ් කරන්න ආපු අය ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඒ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් හිර කරගෙන ඉන්නවා ආණ්ඩුවේ මර්දනයේ හස්තය ක්‍රියාත්මක වෙනවා තරුණ තරුණියන් වෙනුවෙන්. ඒකට ජනතාව බලාපොරොත්තු වූ system change එක ඒකට උත්තර දෙන්න ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණ ජනතාව බලාගෙන ඉන්නවා. අපි බලමු ජනතාව හැසිරෙන විදිය අද ඔවුන්ට ගමට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා ඒ වගේම දැන් හොරු හොරු එකතු වෙන්න යනවා. මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවා කියලා කෑගහලා පාස්කු ප්‍රහාරයට එවකට හිටපු අගමැතිවරයා වගකියන්න ඕනි කියලා කෑගහලා 2019 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කරපු අය මහ බැංකුව මංකොල්ල කාපු අයත් එක්ක නැවත එකතු වෙන්න යනවා. එකතු වෙන්නෙ කවුද සුනාමි සල්ලි හොරකම් කරපු, සීනි වංචාව කරපු පොල් තෙල් වංචාව කරපු ,පොහොර වලිනුත් හොරකම් කරපු කෝවිඩ් වසංගතයෙන් හොරකම් කරපු හොරු ටික දෙගොල්ලොම එකතුවෙලා මැතිවරණයට ඉදිරිපත් වෙන්න යනවා. ජනතාව ඒකට හොඳ උත්තරයක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ලබාදෙයි කියලා අපි හිතනවා. ඒ වගේම අද වෙද්දී අපේ රටේ සෑම අංශයක්ම දුර්වල වෙලා තියනවා ව්‍යාපාර ස්ථාන ලක්ෂ දහයක් පමණ අපේ රටේ තියෙනවා එයින් ප්‍රධාන ව්‍යාපාර 85000 පමණ තියෙනව ඒවගෙන් නිසි හත්දාහක් දැනට වැහිලා තියෙනවා ජනතාවට ජීවත් වෙන්න බැරුව විතරක් නෙමේ ව්‍යාපාරිකයන්ටත් ව්‍යාපාර කරගෙන යන්න බැරි වෙලා මෙවර අය-වැය පසුගිය දින සම්මත වුණා ඒ කතානායක තමා අත්සන් කරාට පස්සේ ක්‍රියාත්මක වෙනවා දැන් මේ අයවැයෙන් කොච්චර බදු වැඩි කරලා තියෙනවද අපේ ලංකාවේ සෑම පුද්ගලයෙක්ම ලබන වසරේ තුළ මාසෙකට රුපියල් තුන්දාහක් බදු වශයෙන් ගෙවන්න වෙනවා භාණ්ඩ හා සේවා බද්ද බිලියන 790 කින් වැඩි කරල තියෙනවා ගන්න සෑම භාණ්ඩ එකෙන්ම බද්ද වැඩි වීම තුළ ලබන වසරේ සෑම පුද්ගලයෙක්ම එක මාසයකට රුපියල් තුන්දාහක් බදු ගෙවන්න ඕන හතර දෙනෙක් ඉන්න පවුලක් නම් දොළොස්දාහක් ගෙවන්න ඕන මාසයකට අවුරුද්දකට එක්ලක්ෂ හතලිස් දහසකට වැඩි ප්‍රමාණයක් බදු ගෙවන්න ඕන මේක තමයි කරල තියෙන්නෙ ඒ වගේම සෙස් බද්ද වැඩි කරලා පාසල ලමයෙක්ගේ සපත්තු කුට්ටමක් පොත් වල ඉඳන් සියල්ල වැඩි කරලා මකනයේ ඉඳලා සියල්ල වැඩි කරලා ඒව ගැන ආණ්ඩුවට ගානක් නැහැ අද ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා අද වෙද්දි එක පවුලක් මාසයක් නොමැරී ජීවත් වෙන්න එක් පුද්ගලයකුට රුපියල් 13800ක් ඕන වෙලා තියෙනවා හතර දෙනෙක් ඉන්න පවුලකට 53000කට ආසන්න මුදලක් ඕන. නොමැරී ජීවත් වෙන්න අනෙකුත් අත්‍යවශ්‍ය ඒවා නැතුව ඒවා එකතු කර එක් ලක්ෂ දහ දාහකට ආසන්න මුදලක් ඕන මාසයක් ජීවත්වෙන්න ජනතාවට ඒක ලැබෙන්නේ නැහැ ඒත් අතේ තුළ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ මෙහිදී ලබන මාසේ වෙනවිට ඉඳන් විදුලි බිල නැවතත් වැඩි කරන්න තීන්දු කරලා මීට ඉස්සර වෙලා වැඩිකරා විහාරස්ථාන ඊටත් වැඩිය ගානේ කින් වැඩි කරා ජනවාරි මාසයේ සහ මැයි මාසයේදී තවත් වැඩි කරන්න තීන්දු කරලා ආණ්ඩුවට මේක තේරෙන්නේ නැද්ද හිරි වැටිච්ච ආණ්ඩුවක්ද ඒ වගේම අයවැයෙන් ඉදිරිපත් කරලා තියනවා ඉන්ධන මිල වැඩි කරන්න එයට අධිභාර බද්දක් අය කරන්න හිදී නැවතත් හින්දනෙ මිල වැඩි වෙනවා එසේ වැඩි වුනොත් ජනතාවට තවත් ජීවත් වෙන්න අමාරුයි ඒ වගේම විදුලි බිල වැඩි වුනොත් දරාගන්න බෑ ඉන්ධන මිල සෑම ක්ෂේත්‍රයකටම බලපානවා රටේ ජනතාව තවත් කබලෙන් ලිපට වැටෙනවා මේ තත්ත්වය තුළ විශාල ප්‍රශ්න රාශියකට රටේ ජනතාව නැවතත් අයවැය තුළින් පත්වෙන්න ඉඩ තියෙනවා ඒ වගේම අද වෙද්දි අපේ රටේ සෑම පුද්ගලයෙක්ම ලක්ෂ 12කට ආසන්න ණය වෙලා තියෙනවා 2020 එකේ තිබුණේ ලක්ෂ අටක් එකට පමණක් අවුරුද්දකින් ලක්ෂ තුනක් ඒක පුද්ගල ණය වැඩි වෙලා විශාල වශයෙන් ණය ගන්නවා ඉතිහාසයේ වැඩිම ණය ගන්න වසර විදිහට 2023 නම් වෙනවා භාණ්ඩාගාර බිල්පත් ලක්ෂ 5 දක්වා වැඩි කර ගත්තා ලබන වසර තමා මේ රටේ වැඩියෙන්ම ණය ගන්න වසර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කියනවා සමගි ජන බලවේගය විදිහට අපි 2020 වසරේදී තමයි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා නමුත් ගියේ නැහැ අද එහි ප්‍රතිඵලය මොකක්ද වෙලා තියෙන්නේ මේ 2022 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල න්‍යාය පත්‍රයට ඇතුළත් කරල නැහැ අපේ රට ගැන සාකච්ඡා කරන්න ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වෙන මුදල මේ වසර තුළ අපට ලැබෙන්නේ නැහැ හැබැයි ආණ්ඩුව කිව්වේ මේ වසර අන්තිමට ලැබෙනවා කියලා එහෙම නම් ලබන වසරේ තමයි ලැබෙන්නේ එකක් අවුරුදු හතරකට මාස හයෙන් හයට එහෙම ලැබිලා මොනව කරන්නද වියදම් කරන්නත් බෑ සංචිත විදිහට තියන්න ඕන තත්වෙ ඇතුල ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3.8ක් ලැබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වෙලාවට යන්නේ නැතුව දැන් ඒ පස්සේ යනවා ඒකත් පමා වෙලා පුදුම වෙන්න ඕන නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබන වසරේ ලැබුණොත් ඒ රට පුරා බැනලා ගහ ආවෙ අපේ රටේ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය අනුමත කර ගත්තෙ කියලා හැබැයි ඒකත් ණයක් එහෙම වුනොත් වෙන්න දෙයක් නෑ දැන් මේ ණය නොගෙවන තත්වෙ තුළ තව තවත් ණය ගැනීම තුළ ආකාරයට වැටෙනවා විදේශ ඇමති ali sabry ඇමතිතුමා ගිහි කියනවා ලබන වසරේ ඩොලර් බිලියන අටක් එනවා කියලා එයින් පහක් විදේශ ණය ණය දෙන්නෙ නැති තත්ත්වයක් තුළ කොහොමද ණය ගෙවන්නේ ඉතිරි මුදල අපේ රටේ රාජායතන විකුණලා තමයි හොයන්නේ දැනට විකුණන්න තීන්දු කරල තියෙන්නෙත් ලාභ ලබන ආයතන විශේෂයෙන්ම රක්ෂණ සංස්ථාව ලාභ ලබන ටෙලිකොම් එක ලාභ ලබනවා හිල්ටන් හෝටලය ලාභ ලබනවා වෝටර්ස් එජ් හෝටලයේ ලාබ ලබනවා ඒකත් විකුණන්න යනවා සියල්ල ම ලාභ ලබන ආයතන විකුණලා ඩොලර් බිලියන තුනක් හොයන්න යනවා අද අපේ රටේ විකුනන් කන රටක් බවට පත්වෙලා අපි එහෙම විකුණාගෙන කන ජාතියක් නෙමෙයි හද අපේ රට රටවල වඩාත්ම පිරිහෙමින් පවතින මුදල් ඒකක හතෙන් එකක් බවට පත් වෙලා දැන් මේ වර්තමාන ආණ්ඩුව රුපියල් ශක්තිමත් කරන්න කියලා ඩොලර් එක හිර කරගෙන ඉන්නවා එහෙම කලින් හිරකරගෙන ඉඳලා අජිත් නිවාඩ් කබ්රාල් අත ඇරපු ගමන් මොකද උනේ 365 ට ගියා දැන් 370 ඒකත් හිර කරගෙන ඉන්නවා දැන් මාස හයක් විතර ඩොලර් එක හිර කරගෙන ඉන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිව්වත් ඩොලර් එක අතාරින්න කියලා කොතැනින් නතර වෙයිද දන්නේ නැහැ අද වෙද්දී අපේ සංචිත බින්දුවටම හිඳිලා බිලියන හයක් හතක් සංචිත පිරිච්ච රටක් දැන් වෙද්දි මිලින දෙසීයකටත් අඩු පෙර පත්වෙලා දේශන ඩොලර් එන ක්‍රමයක් වෙන ඩොලර් එකක් දොරේ ශක්තිමත් කිරීමට වියදම් කරන්න බෑ මේක විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා මේ රටේ ඩොලරුත් නැහැ රුපියලුත් නෑ රුපියල් නැති හින්දා භාණ්ඩාගාර බිල්පත් සීමාව වැඩි කිරීම තුළ ලබන වසරේ භාණ්ඩාගාර බිල්පත ලබන දෙන්න ඕන. හිදී සාමාන්‍ය මිනිසුන්ගෙන් පොලී වියදම් වැඩි වෙනවා ‍යාපාර කරන්න බැරි වෙලා තියෙනවා අපනයන ක්ෂේත්‍රයට බදු ගහනවා ඒ වගේම මේ අය වැය සමාජ ආරක්ෂණ බද්ද තියෙනවා ඒක ගහන්නේ පිරිවැටුපට එහිදී අපනයන ක්ෂේත්‍රයේ ඉතුරු වෙයිද අයවැයෙන් කියනවා අපනයන ක්ෂේත්‍රයේ ියුණු කරනවා කියලා එහෙම කරන්නේ කොහොමද පිරිවැටුම් බද්ද ගැහුවම මේකෙ විශාල ප්‍රශ්නයක් ඒ වගේම 2023 ආදායම බලාපොරොත්තු මුදල ලැබෙන්නේ නැහැ එහිදී අයවැයෙහි බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ.

අද ගොවිතැනට මොකක්ද වෙලා තියෙන්නේ ලබන අවුරුද්දේ ඉඳන් පොහොර දෙන්නේ නැතුව මුදල් දෙනවලු හෙක්ටයාරයකට රුපියල් පනස්දාහක් දෙනවාද ඒ මුදල දෙන්න මෙය අයවැයෙන් මුදල් වෙන් කරලා නැහැ පොහොර සහනාධාර වෙනුවට ඒ මුදල දුන්නත් විවෘත වෙළඳපොලේ පොහොර ගන්න වෙන්නෙ කීයටද ඒ වගේම මේක විශාල ප්‍රශ්න නැවතත් ජනතාව මුහුණ දෙනවා සල්ලි දුන්නම ගන්න වෙන්නේ විවෘත වෙළඳපොළ පොහොර මිලට අපි දැක්කා ඊයේ පෙරේදා නොමිලේ පුරවා ගියා ලැබිලා තියෙනවා පිටරට ඒක පොලොන්නරුව ගොවීන්ට දීලා තියෙනවා ඒවා පාන් පිටි වගේ ඒවා පාවිච්චි කරන්න බැහැ කියනවා ප්‍රමිතියෙන් තොර පොහොර ගෙනල්ලා තියෙනවා ඒවා ජනතාවට බෙදනවා තියෙන පොහොර ටික මේ පාර dunnama ලබන පාර සල්ලි දෙන්න ගියාම විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා ගොවිඡන තාම සම්පූර්ණම පහලට දාලා මේ අයට ඕන කන්න විතරයි කියන එක මම ඊළඟ අවුරුද්දේ මොනවද විකුනන්නෙ මේක විශාල ප්‍රශ්නයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. තව මේ ගැන සාධනීය ප්‍රතිචාරයක් නැහැ මහ බැංකුව අද පදි කියනවා ‍ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ඇතිව හෝ නැතිව රට ස්ථාවර කරන්නේ කියලා ඒකෙන් තේරෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියටයි යන්න ලැබෙන්නේ නැහැ.

විදේශ රටවලට සහ විදෙස් ආයෝජකයන්ට විස්වාසයක් ඇති වෙන්න නම් මේ දූෂිත ආණ්ඩුව ඉවත්වෙලා අලුත් ආණ්ඩුවක් පත්කරගන්න මහ මැතිවරණයකට යන්න කියලා ඉල්ලා සිටිනවා. ජනතාව බලාගෙන ඉන්නවා එකතු වෙලා ඉන්න හොඳ දෙගොල්ල මැතිවරණයකදී ගෙදර යවන්න.