“මගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතු” බව, සිව් වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී සිමෝන් බයිල්ස් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම් අවසන් තරඟයෙන් ඉවත් වීමෙන් පසු පැවසුවාය.

ඇය නියෝජනය කරන ඇමරිකානු කණ්ඩායම රිදී පදක්කම දිනා ගනිමින් රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායමට පිටුපසින් සිටියි.

සිය ඉසව්වෙන් ලකුණු 13.766 ක් එනම් ඇය ඔලිම්පික් උළෙලකදී ලබාගත් අවම ලකුණු ප්‍රමණය ලබා ගැනීමෙන් පසුව 24 හැවිරිදි සිමෝනා තරගයෙන් ඉවත් වූවාය.

“මම මගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මම හිතන්නේ දැන් ක්‍රීඩාවේදී මානසික සෞඛ්‍යය බොහොම වැදගත්,” ඇය කියා සිටියාය.