අපේ ජනවරේ සුදු හකුරු නිපදවන අපුරු කතාවක් තිබෙනවා .කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි යන්නට නිදසුනක් ලෙස ගෙන හැර පාන කතාව එම කතාවයි ගොඨාභය රාජපක්ෂ ගේ කෙරුවාව විමසන විටත් මතකයට එන්නේ එම කතාවයි.


ගොඨාභය කරලියට ගෙන එන්නට පුරන් කොටපු වියත්මග එළිය ඇතුළු ජාතික යැයි කියාගත් සංවිධාන යහපාලන රජයට එල්ල කල ප්‍රධාන චෝදනාවක් වුනේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවයි .රට පුරා සමිමන්තරන රැස්වීම් පවත්වමින් කිවෙි රටෙි සමිපත් විකුණනවා .ඇමරිකාවට ඉන්දියාවට රට පවලා දෙනවා ..රටෙි අනාගතය ඉවරයි කියලා .කුඩ සිතා ගේ පාසැල් විවාදයක් බදු කතා තුල වැටමාරා කපන ඇමරිකානුවා ගේ භිතිය තිස්ස ජනනායක සර්ගේ ටියුෂන් පංතියේ ඇදපු ලංකා සිතියම තුලත් කතා කලේ ජාතික ආරක්ෂාව .සරත් විරසේකර මහත්තයා ජිනිවා ගිහින් සල්ලි ගෙවලා කාමරයක් අරගෙන වර්ගවාදය ජාතිවාදය වපුරන මාධ්‍යවේදීන් හයර් කරගෙන පෙන්නුම් කලෙත් ජාතික ආරක්ෂාවට පෙනි සිටින සටනක් .වර්තමානයේ කමල් ගුණරත්න මහත්තයා මැද පෙරදිගට ගිහින් අපේ රටෙි උදවිය එකතු කරලා කතා පැවැත්තුවෙත් ජාතික ආරක්ෂාව ගැන .


අපේ පන්සල් වල හාමුදුරුවෝ බණ කිවෙිත් ඒ ගැන .පාස්කු දින ප්‍රහාරයත් ජාතික ආරක්ෂාවට අභියෝගයක් ලෙසයි හැදින්වුයේ.මොනවා නැතත් ඉන්න රටක් සටන් පාඨයක් කරගෙනයි ජනාධිපතිවරණයට ආවෙි.


ජාතික ආරක්ෂාව ආරක්ෂාව කිවට මෙික මොකක්ද කියලා වැටහිමක් රටෙ ජනතාවට තිබුනද කියලා දැන් හිතෙන්නේ මෙි කරන කියන දේ තුළ ජනාධිපතිවරයා ආණ්ඩුව ජාතික ආරක්ෂාවට කරන වින්නැහිය විමසා බලනකොටයි.


ඒක තේරුම් ගන්න නමි ජාතික ආරක්ෂාවට අයිති මොනවාද කියලා වටහා ගැනීම වැදගත් .ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ජාතික ආරක්ෂාවට අයිතියි.පලමුවැන්න රටෙි දේශපාලන නිදහස ආරක්ෂා කොට පවත්වා⁣ගෙන යාම .දෙවැන්න රටෙි දේශසීමා නිදහස ආරක්ෂා කොට පවත්වාගෙන යාම .තුන්වැන්න රටට අයත් භුමියේ භෞතික පිහිටිම ආරක්ෂා කොට පවත්වා ගෙන යාම .
ජාතික ආරක්ෂාවට මුල් තැන කියලා සෞභාග්‍යය දැක්මෙි ලියපු අය අද මෙි කරුණු වලට දක්වන සැලකිල්ල කොහොමද ?


දේශපාලන නිදහස රැකිම කෙසේ වෙතත් විකල්ප මතවාදයක් පවා රුස්සන්නේ නැති තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා .විරුද්ධ මත දරන්න් මර්දනය සදහා ත්‍රස්ත මර්දන පණතතේ සිට ICCPR පණත දක්වා රෙගුලාසි ක්‍රියාත්මක කරනවා.මෙි නිති යටතේ අත්අඩංගුවට ගත් වසර ගනන් රැදවුමි භාරයේ තියාගෙන ඉන්න දෙශපාලකයෝ සමාජ මාධ්‍ය ක්‍රීයාකාරින් කවියෝ කොචිචර ඉනනවාද ? මහජන මතය යටපත් කිරීමට නිරෝධයන නිති හිරි කිතයකින් තොරව යොදා ගෙන කටයුතු කරනවා .දේශපාලන පක්ෂ ක්‍රීයාකාරකමි මර්ධනයටත් සෘජුව මෙන්ම වක්‍රව ⁣නිරෝධායන නිති භාවිතය තුළ ජාතික ආරක්ෂාවෙි දේශපාලන නිදහස යන්න අද අභියෝගයක් .


සිතක්කගේ කුප්‍රකට වැටමාරාවෙන් රටෙි දේශසීමා පවා අභියෝගයට ලක්වන අයුරු පැවසුවෙි ඇගේ රෝම කූප පවා කෙලින් කරමින් .දැන් මොකද වෙන්නේ .චිනයේ අසුචි නැව බලහත්කාරයෙන් අපේ මුහුද ට ඇතුල් වෙලා .ඇමරිකාව ඉන්දියාව චිනය අවශ්‍ය වෙිලාවක මුහුදට ගොඩබිමට ගොඩ බහිනවා.වරාය නගරයට වෙනම නිති හදලා අපේ කියන අපේ නොවන බිමක් නිර්මාණය වෙන්න ඉඩ හැරලා.දේශසීමා නිදහස අපුරුවට රකිනවා.ජාතික ආරක්ෂාව රකින්නට සපථ කල අය රටේ අනාගතයම අනතුරේ හෙලන්නේ මෙහෙමයි .


ජනනායක සර් ඇන්ද සිතියම තුල නිවෙි රටට අයත් භුමිය භෞතික පිහිටිම වෙනස් වෙනවා.අනුරාධපුරයත් ඇමරිකාවට යනවා කියලා .එහෙම කියලා රටෙි ජනතාව ⁣බියගන්වපු උදවිය දැන් මොකද කරන්නේ .වරායේ නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවට දෙනවා .වරාය අසල අක්කර දහතුනක් චිනේට දෙනවා .කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමරිකාවට දෙනවා .මන්නාරම ගැස්නිධි ඔමානයට දෙනවා .සෙලන්දිවා හරහා ගුවන් හමුදා මුලස්ථානය කොටුවේ වැදගත් ස්ථාන රැසක් සින්නක්කරව විකුණන්න හදනවා .


රටක ජාතික ආරක්ෂාවට බලපාන මුලිකම නිර්නායකයන් ගොඨාභය ආණ්ඩුව රකින්නේ ඔහොමයි.
ගොඨභය පාලනයයේ ජාතික ආරක්ෂාව යනුවෙන් පෙන්වන්නේ වර්ගවාදය ආගම්වාදය තුල ජාතිවාදයයි.සැබැ ජාතික ආරක්ෂාව පිළිබඳව අප දැනුවත් විය යුත්තේ එබැවින් .දශක තුනක යුද්ධය අපේම ජනකොටසක් හතුරන් ලෙස දකින්නට මතවාදයක් සමාජගත කල රාජපක්ෂවරු පාස්කු ප්‍රහාරය හරහා ද අපේම ජනකොටසක් හතුරා බවට පතකරනුයේ ද ජාතික ආරක්ෂාව යන ලේබලය යටතේ.සැබැවින්ම රටක සිවිල් යුද්ධයක් හෝ ප්‍රචණ්ඩ ක්‍රීයාවක් දේශපාලනය සඳහා යොදා ගැනීම යනු බලය තම පැවැත්ම සදහා භාවිතා කරනු ලබන පාලකයින් ගේ චින්තනයක් මිස ජනසමිමතවාදි දැක්මක් ඇතිවුනගේ ක්‍රියාපිළිවෙතක් නොවෙයි .
අද අප තේරුම් ගත යුත්තේ රාජපක්ෂ දේශපාලනයේ මෙම සන්දර්භයයි.


ජාතික ආරක්ෂාව යනුවෙන් රාජපක්ෂ වරුන් පෙන්වා දෙන්නේ පැසිස්ට්වාදයයි.ඒ තුළ පුද්ගලයන් ට පුද්ගලයන් ලෙස අයිතිවාසිකම් නැත.ජනතාව හදුනාගනු ලබන්නේ යමිතත්වයක් හෝ ගුණයක් වශයෙනි මෙවනි පාලනයක් තුළ ජනතාවට පොදු මතයක් තිබිය නොහැක .ජනතාව ගේ අභිමතය අර්ථ කථනය කරන්නා සේ පාලකයා පෙනි සිටි.
තමාගේ නියොජනයේ බලය අහිමි කරගෙන ඇති ජනතාව යමක් කරන්නේ ද නැත.ඔවුන් කැදවනු ලබන්නේ ජනතාවගේ භුමිකාව රගපෑමට පමනි..උමිබෙර්තෝ ඉකෝ සිදු කොට ඇති එම විග්‍රහය හැටනම ලක්ෂයක් ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයන් වටහා ගැනීම අද වැදගත් .මන්ද තව දුරටත් සිතාමිබර පට සළු පොරවා ගත් රාජපක්ෂ වරුන් ගේ වැඩවසම් පාලනයට රට නතු කලහොත් ඉන්න රටක් ඉතිරි නොවන නිසා ..

ටර්මිනේටර්