උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින වන අලියෙකු නීතිවිරෝධී ලෙස අල්ලාගෙන ප්‍රවාහනය කිරීමට ගත් උත්සාහයක් පිලිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළේය. වනඅලියා සොරකම් කිරීමට ගත් උත්සාහය වැළැක්වීම සම්බන්ධයෙන් වනෝද්‍යානයේ නිර්භීත උද්‍යාන පාලකතුමන්ට, වනජීවී නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන්ට ස්තූතිය පලකළ විපක්ෂ නායකතුමා ,අලි සොරකම් කිරීමේ රැල්ලක් ආරම්භ වී ඇති බවද පැවසීය. පෙරහැර සංස්කෘතිය ආරක්ෂා කිරීම උදෙසා හීලෑ අලි ඇතුන් බෝ කිරීමේ කටයුත්තට අනුග්‍රහය ලබා දිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, ඊට පරිබාහිරව සිදුකෙරෙන අලි ජාවාරමට එරෙහිවන නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීම සඳහා දැඩි නීති සහ සහාය අවශ්‍ය බවද අවධාරණය කළේය.