ආණ්ඩුව සියලුම අංශ වලින් අසමත් වී අති බවත් ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් ලබා නොදෙන ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

අද වයඹ පළාත් හා අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික් වල වල් අලි ප්‍රශ්නය නිසා මිනිස් ජිවිත වගේම වල් අලින් ද මරණයට පත් වෙන බවයි .

රිලවුන්ගේ හා වදුරන් නිසා අද ගොවිතැන් කටයුතු වලට විශාල බධාවක් වී ඇති බවත් මෙය විසදිය යුතු බවයි ආණ්ඩුවට කියා සිටියේ .

මහජන නියෝජිතයන්ට ජනතාවගේ ප්‍රශ්න කතා කිරිමටත් පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති බවත් ආණ්ඩුව ජනතා ප්‍රශ්න වලට ඇහුම්කන් නොදෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුව පොහොර තහනම නිසා එළෙබෙන අලුත් අවුරුද්දට අහාර හිගයක් ඇති වෙන බවය .

ගෑස් පිපිරීම් මගින් හාරසිය ගණක් අනතුරු වී ඇති බවත් මේ ප්‍රශ්න කතා කිරිමේදී විපක්ෂ මර්දනය කරන්න හදන බව කියා සිටියේ ය.

ජෙ.සී අලවතුවල මහතා අවධාරණය කරන්නේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකයට විපක්ෂය මර්දනය කරන්න බැරි බවත් එය ආණ්ඩුවට වැරදිලා බවත් ය.

ඔහු කියා සිටියේ සියලුම අංශ වලින් ආණ්ඩුව අසමත් වි ඇති බවය.

මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය .