වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමග තමන්ගේ හිතවතුන්ට ඉවක් බවක් නොමැතිව ගල්, වැලි ,පස් ඇදීමට අවස්ථාව ලබා දී අති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානාප්පෙරුම මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ පරිසරයට වැඩිම හානියක් සිදු කළේ වත්මන් ආණ්ඩුව බවයි.

ලංකාව වගේ අට ගුණයක් විශාල මුහුද එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිබත් වීමෙන් මුහුද විනාශ වූ බවත් එය සදහා නිසි වන්දි මුදල් ලබා ගැනිමට රජය කටයුතු නොකරන බවත් එයින් ලැබෙන මුදල් ආණ්ඩුවේ අය ලබා ගනිමින් සිටිනවා ද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

සමගි ජන බලවේගයේ දැක්ම වන්නේ පරිසරය අරක්ෂා කිරිම බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ .