අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට විරෝධතා පෙළපාලියක් පැමිණීමට නියමිත අතර එය මර්දනය කිරීමට ආණ්ඩුව මේ වන විට විවිධ පියවර ගනිමින් සිටී.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන මාර්ග සියල්ල වසා ස්ථිර මාර්ග බාධක දැමීමට කටයුතු කර ඇත.

ඊයේ රාත්‍රියේදී එක්වරම මෙම ස්ථිර මාර්ග බාධක සවිකර ඇත. කාපට් ඇතිරූ මාර්ග හාරමින් මෙම ස්ථිර මාර්ග බාධක ඉදිකර ඇති අතර ඒ සදහා මාර්ග සංවර්ධන අධිකාරියේ අවසර ලබාගෙන නැත.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන පා ගමන ගැන සදහන් බුද්ධි අංශ වාර්තාවක් පොලීසිය විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර එය අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය වැලැක්වීම සදහා පොලීසියද කටයුතු කරමින් සිටින අතර ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස්වලට ගොස් බලපෑම් කරමින් සිටින බවද අනාවරණය වේ.