සකල ලෝක වාසි සහෝදර මුස්ලිම් ජනතාව විසින් සමරන ඊදුල් ෆීතර් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්කරන ලද සුභපැතුම් පණිවුඩය.

balavegaya 436787547 987194749433424 1451486233049053172 n

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මාසයක් පුරා උපවාස ශීලය රැකීමෙන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළැඹෙන ඊදුල් ෆීතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයක් ලෙස හැඳින්විය හැකිය.

ඉස්ලාම් දහම තුළ පවතින අධ්‍යාත්මික හර පද්ධතිය මෙන් ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනා ගැනීමට රාමසාන් හෙවත් ඊදුර් ෆීතර් උත්සව සමය කදිම අවස්ථාවකි.

මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන මෙම රාමසාන් දිනය පරිත්‍යාගශීලීත්වයේ, සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයක් ලෙස හැඳින්විය හැකිය.

ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ අතීතයේ පටන් ඉස්ලාමීය සහෝදරත්වය සමඟ පැවැති බැඳීම ලොවට ආදර්ශයක් විය. මේ මැතිවරණ වසරේ ඒ සහෝදරත්වයේ බැඳීම පළුඳු කිරීමට විවිධ අන්තවාදීන් උත්සාහ දැරිය හැකිය. නමුත් ඒ සහෝදරත්වය තවදුරටත් පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ නොතැබිය යුතුය.

ජනතාව විසින් දියත් කරන ලද සාමකාමී අරගල සමයේ අප මෙකී සහෝදරත්වයේ දෑත් රට වෙනුවෙන් දික් වූ අයුරු දැක්කෙමු.

සිංහල, හින්දු, කතෝලික, ඉස්ලාම් යනාදී කුමන ජාතියක් නියෝජනය කළත් අප රට වෙනුවෙන් එකම ජාතියක් ලෙසින් එක මවකගේ දරුවන් ලෙසින් පෙරට පැමිණියෙමු.

ඒ සහෝදරත්වයේ දෑත ඉදිරියටත් ශක්තිමත් කිරීමට හැකිවේවා යනුවෙන් මේ උතුම් රාමසාන් දිනයේ හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිමි. ඒ තුළින් බංකොලොත් වී ඇති අප රට ලෝකයේ අංක 1 රට බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට එක්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලාංකික මෙන් ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
විපක්ෂ නාය