නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස

“ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය,

“සක්වල” අද(30) ආරම්භ විය.

balavegaya IMG 20211230 WA0165

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය ලෙස රුපියල් අටලක්ෂ හැත්ත හය දහස් එකසිය පනහක් (රු. 876,150.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ තණමල්විල බෝදාගම මහා විද්‍යාලයට ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා විසින් පරිත්‍යාග කළ අතර අදාල පරිත්‍යාග  විදුහල්පති  ඩබ්.පී. සෝමරත්න මහතා වෙත භාරදෙනු ලැබීය.

සී.ඩබ්.ඩබ් කන්නන්ගර මහතා දශක ගාණකට කලින්  මේ රට ගොඩනගන්න නිදහස් අධ්‍යාපනය ඇතිකළ යුතුයි කියා

නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න පැය ගානක් කතා කළ බව පැවසූ විපක්ෂ නායකතුමා,ඒ ශ්‍රේෂ්ඨ අදහසටත් ඇතැම් එරෙහි වූ බව සිහිපත් කළේය. 

balavegaya IMG 20211230 WA0163

” ඔය වැඩෙන් වෙන්නේ අපේ වතුවල පොල්ගහකට යවන්නවත් කොල්ලෙක් හොයාගන්න බැරිවෙන එක” යයි ඇතැම් බලපුළුවන්කාර ප්‍රබලයින් පවසද්දී කන්නන්ගර මහතා අප්‍රමාණව කැපවී  නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත් බව විපක්ෂ නායකතුමා  කීවේය.මේ රටේ මිනිසුන්ගේ ඉරණම් කතාව වෙනස් උනේ එතැනින් බව පැවසූ විපක්ෂ නායකතුමා, 

අද වෙනකොට ” ඔන්ලයින්”අධ්‍යාපනය,

පරිගණක තාක්ෂණය  අත්‍යවශ්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් සක්වල වැඩසටහන නිර්මාණය කළේ එහි අඩුව තමන්ට හැකි පමණින් පිරවීම සඳහා බවත් එහිදී වැඩිදුරටත් පැවසීය.

විපක්ෂයේ ඉඳගෙන තමන් ආරම්භ කරපු “සක්වල” වැඩසටහන යනු  නූතන අධ්‍යාපනයේ නව නිදහස් අරගලය බවද ඒ මහතා කීය.

විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහන මෙරට දුෂ්කර පාසල් පද්ධතිය 3 අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ගේ නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කොට ඇත.

මේ අතර විපක්ෂ නායකතුමා මෙසේද කීය.

92%ත්, 97% අතර සාක්ෂර මට්ටමක් අප රටේ පවතින්නේ. ඩිජිටල් සාක්ෂරතාවය අද ආර්ථික සංවර්ධනයේ මිනුම් දණ්ඩක් වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාවය 2020 වර්ෂයේ 49% යි. පරිගණක සාක්ෂරතාවය 32.2%යි. අපේ රටේ භාගයකට ඒ හැකියාව නැහැ . අපගේ වගකීම තමයි ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය වන පරිදි වැඩ කටයුතු කිරීම. අපි ඉන්නේ හතරවෙනි කාර්මික විප්ලවය ක්‍රියාත්මක වන අවස්ථාවේ. තවමත් අපි උපයෝගී කරගන්නේ පළවෙනි දෙවෙනි විප්ලව වල මෙවලම් සහ ක්‍රියාදාමයන්. එය කනගාටුවට කරුණක්. වෙනත් රටවල් වල  හතරවෙනි කාර්මික විප්ලවයට අදාළව තොරතුරු තාක්ෂණය , ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, ස්වයංක්‍රියකරණය, රොබෝ තාක්ෂණය යන ඒවා භාවිත කරයි. මේවා තමයි අනාගත රැකියා උත්පාදන සඳහා අලුත් දැනුම. විද්‍යා, ගණිත සහ ඉංජිනේරු මෙන්ම ඩිජිටල් තාක්ෂණය වැනි විෂයන් වලට අපි උනන්දුවෙන් අවධානය යොමු කරන්න ඕනේ. රටක් වශයෙන් ඉදිරියට යන්න අපි මේවායේ රැඩිකල් වෙනසක් ඇති කරන්න ඕනේ. 

අපේ රටේ දරුවන්ට පාසලෙන් අධ්‍යාපනය ලබා දෙනවා සේම ගුරු ක්ෂේත්‍රයටත් මේ ක්‍රමය ක්‍රියාත්මක වන පැහැදිලි ජාතික වැඩ ක්‍රමයක් අවශ්‍යයි. තොරතුරු තාක්ෂණ පහසුකම් මෙරටේ දහ දහස් එකසිය හැත්තෑවක් පාසල් අතුරින් පන්දහස් හත්සීයකට පමණ තියෙනවා. අන්තර් ක්‍රියාකාරී smart පුවරු , laptop , ඩිජිටල් පැනල් බැලුවොත් අපේ රටේ පාසල් වලින් පාසල් වලින් මේවා තියෙන්නේ 5% ක් පමණයි. ඒවායෙත් ඇත්තේ ඉතා අඩු පහසුකම්. 

balavegaya IMG 20211230 WA0161

covid සමයේ අපේ රටේ අධ්‍යාපනයේ කටුක තත්ත්වය උදාවුනා. රටේ පාසල් දරුවන්ගෙන් 50% අධ්‍යාපනය ශුන්‍ය වුණා.  

තොරතුරු තාක්ෂණ වැඩපිළිවෙළට අවශ්‍ය ආයෝජන වැඩසටහන් අපි අපි නිර්මාණය කරන්න ඕනේ. ලෝකයේ බිහිවෙනවා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය ව්‍යාපාර. ලෝකය හඳුන්වන්නේ කඟවේනාන් ව්‍යාපාරය කියලා. ඒ ඇමරිකානු ඩොලර් ඇමරිකානු ඩොලර් බිලියනයකට එහා ආදායම් ලබන ව්‍යාපාර. අපි අපේ මාතෘ භූමිය ඒවා නිර්මාණය කරන්නට ඕනේ. ඒ සඳහා නව දැක්මක් අවශ්‍යයි. ඒ ක්ෂේත්‍ර තුළ රැකියා නිර්මාණය කරන්න ඕනේ.  දිරිගැන්වීම්  ක්‍රියාත්මක කරන්න ඕනේ. 

ශ්‍රීමත් ශ්‍රී ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාණන් අපේ රටේ නිදහස් අධ්‍යාපනය බිහිකරා. පැය ගානක් එතුමා ට සිද්ද උනා මන්ත්‍රණ සභාවේ කතා කරන්න. රට ගොඩනගන්න නම් නිදහස් අධ්‍යාපනයක් තිබිය යුතුයි කියන සටනට එතුමා නායකත්වය ලබාදුන්නා. උසස් පැලැන්තිය කිව්වා නිදහස් අධ්‍යාපනයක් ආවොත් අපේ වතුවල පොල් කඩන්න වත් කවුරුත් නැති වෙයි කියලා. ශ්‍රීමත් කන්නන්ගර මැතිතුමාගේ මැදිහත්වීමෙන් නිදහස් අධ්‍යාපන අරගලය ජයග්‍රහණය කරා. ඒ නිදහස් අධ්‍යාපනයේ පළමු වැඩසටහන. සක්වල වැඩසටහන මං හඳුන්වන්න කැමතියි නිදහස් අධ්‍යාපනයේ ඊළඟ යුගයට ගෙන යන සටනක් හැටියට. දෙවන පියවර හැටියට. 

පාසල් වලට අවශ්‍ය ඩිජිටල් පහසුකම් ලබා දෙනවා වෙනුවට ඇවිදින මංතීරු ලබා දෙන යුගයක් අපි දකිනවා. එක් එක් පුද්ගලයන්ගේ ප්‍රතිරූප නිර්මාණය කරන්නට කුලුණු නිර්මාණය වෙනුවට යුගයක්. විද්‍යාව වෙනුවට අවිද්‍යාව කේන්ද්‍රකරගෙන වර්තමානයේ ක්‍රියාත්මක වන යුගයක සමගි ජන ජනබලවේගයේ අපි ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධනය කරන ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වලා  අපි එය ක්‍රියාත්මක කරනවා. 

සමහරෙක් කියාගෙන යනවා උනුත් එකයි මුනුත් එකයි කියලා. ඔව් හැමෝම එකයි. ඒත් සමගි ජන බලවේගය වෙනස්. අවුරුදු හැත්තෑවකට වැඩි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ මෙම දවසක විපක්ෂයේ සංවර්ධන ක්‍රම ක්‍රියාත්මක කරලා නැහැ. හැමදාම පත්වෙන ආණ්ඩුව කරන්නේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් යම් යම් සේවාවන් ඉෂ්ට කිරීම.  විපක්ෂය කරන්නේ කොහොමහරි ඊළඟ වතාවේ හරි ආණ්ඩු බලය ලබා ගන්න ක්‍රියා කරන එක. හැත්තෑ වසරකට අධික කාලයක් උනුත් එකයි මුනුත් එකයි. නමුත් ඒ උනුත් එකයි මුනුත් එකයි කියන සංකල්පය වෙනස් කරපු එකම පක්ෂය සමගි ජන බලවේගයයි. ආණ්ඩුවේ වැරදි පෙන්වලා දෙනවා වගේම,හොද දේවල් වලට ප්‍රශංසා කරනවා වගේම කයිවාරු දේශපාලනයට තිත තියලා අඩුම ගානේ රෝහල් පද්ධතියට උපකරණ පරිත්‍යාග කරලා, ඒ තුළින් ජීවිත ටිකක් බේර  ගන්නවා නම් එතනයි මේ රටේ නව දේශපාලනය. සමගි ජන බලවේගය ප්‍රධාන අරමුණ දේශපාලනය නොවේ දේශ සේවයයි. ඒ නිසා තමයි හුස්ම වැඩසටහන අපි ක්‍රියාත්මක කෙරේ. ඒකයි මම කිව්වේ දෙපතුළ ළඟට ගොස් සේවය කිරීම කියලා. එදා ඒ කතාව ප්‍රතික්ෂේප කළා. අද දෙකක් යන්නට මත්තෙන් ඒ කියපු දේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා.

දේශ සේවයක් ඉටු කරන්නට මම සූදානම්, සමගි ජන බලවේගය සූදානම් කියලා කියනවා. අද දින ලක්ෂ නවයකට ආසන්නම වටින සම්පතක් මේ පාසලට ලැබෙනවා. මේවා මේ පාසලට ලැබුණේ ජනතාවගේ දෙපතුල ළඟට ආපු නිසා. 

තොරතුරු තාක්ෂණ විප්ලවය සඳහා අපි ප්‍රතිපත්තියක් සකස් කළා. මේ පරිගණක සංවර්ධනය විප්ලවය පුංචි මට්ටමෙන් හෝ ආරම්භ කරන්න ඕනි කියලා . එතන තමයි උනුත් එකයි මුනුත් එකයි කියන කතාවේ වෙනස. ජංගම සේවය පැවැත්වුවා, දෙපතුල ළඟට ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා. ජනතාව ප්‍රශ්ණ ඉදිරිපත් කළ. විවිධ තාක්ෂණ ප්‍රතිපත්තිය එලි එලි දැක්වුවා. එය කේන්ද්‍ර කරගෙන මෙරට පාසල් වලට ඒ ශක්තිය ලබා දුන්නා. විමධ්‍යගත මුදල් වලින් නෙමෙයි, පෞද්ගලික දානපතියන්ගේ මුදල්වලින් මේ ක්‍රියාත්මක කරන්නේ.  

අපි අදහස් කරනවා සක්වල වැඩසටහනට තවත් අලුත් අලුත් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන්න. She ව්‍යාපෘතිය හරහා පාසල් දරුවන්ට ජාත්‍යන්තර මට්ටමෙන් ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දෙන්න. 

රටේ අතිමහත් බහුතර ජනතාවකට දුක, කඳුල, වේදනාව, දරිද්‍රතාවය දුප්පත්කම, බඩගිනින්න ඇතිවෙනකොට මෙරට පාලකයෝ ඉන්නේ සුර සැප විඳිමින්. මේක තමයි මහ පොළොවේ යථාර්ථය.