මේ වගේ බයිසිකල් ඇවිත් තමයි ලසන්ත වික‍්‍රමතුංග මරලා දැමුමේ. ත‍්‍රිපොලි කදවුරේ ක‍්‍රියාත්මක වුන අය. මිරිහානේ සිද්ධියේදී මේ විදියේ නන්නාදුනන බයිසිකල්කරුවන් ආවා.

මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවෙන් එළියට යන වෙලාවට මේ විදියට නන්නාදුනන අය ඇවිත් වෙඩි තියලා යන්න පුලුවන්. නැතිනම් අහිංසක මනුස්සයෙක්ට වෙඩි තියලා යන්න පුලුවන්. මේ අය මුණු වහගෙන ඇවිත් තිබුණේ.

පොලීසියේ ඉන්න වෙත්තසිංහ කියන මහත්තයා මේ අය නතර කළා. යතුර ගත්තා. මුණ අරින්න බැලුවා. ඒක කරන්න දුන්නේ නෑ

පොලීසියෙන් මේ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ කරන්න හදනවා. හමුදාපතිවරයාත්, පොලිස්පතිවරයාට කතා කරලා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා තියෙනවා. හමුදාපතිවරයා කොහොමද මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා පොලිස්පතිවරයාට නියෝග කරන්නේ.

චාගී ගාල්ලගේ නම් පුද්ගලයෙක් නමින් පවත්වාගෙන යන ෆේස් බුක් ගිණුමක, පොලීසිය හමුදාවෙන් ගුටි කෑමට නියමිතයි කියලා කියනවා. දැන් මාධ්‍යයට ගැහුවා. සජීවී විකාශයන් තහනම් කළා. මාධ්‍යවේදීන්ට ගහලා අඩු කැඩුවා. මේ තත්වය බරපතල තත්වයක්. නන්නාදුනන කල්ලිවල රාජ්‍ය ත‍්‍රස්තවාදයක් දක්වා මේක ඇදී යන්න පුලුවන්. මේකට රජයක් විදියට වාහාම උතත්ර දෙන්න.මේක බරපතල තත්වයක්.

මෙහෙම ගියන් 88 -89 කාලයේදී අයුද අරගෙන සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පලිගත්තා. මිනිස්සු මරලා දැම්මා. මගේ තාත්තත් මරලා දැම්මා. එහෙම තැනකට අරගෙන යන්න දේශපාලනය හැරන්න පුලුවන්. ඒ නිසා මේ ගැන වැඩ කරලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුවට තියෙන වගකීම ඉටු කරන්න.

අවි ආයුද ගත්ත නන්නාදුනන කල්ලිවලට සැරිසරන්න දෙන්න එපා