සීනි සහ ඇන්ටිජන් කට්ටල පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා කියා සිටියේ…

“කොරෝනා ආපු ගමන් මේ ආණ්ඩුව ඇන්ටිජන් මෑන් කෙනෙක් හැදුවා. මේ ඇන්ටිජන් මෑන් තමයි බොඩි කිට් ඔක්කොම ගෙන්නේ. මේ ගජ මිතුරාට තව වරප්‍රසාද ලබාදෙන්නපණු රෝගයට දෙන බෙහෙතට ලංකාවෙ ඒජන්ත කෙනෙක් ඉන්නකොට දෙනවා මේ ඇන්ටිජන් මෑන්ට. මේ ආණ්ඩුව කරන ඖෂධ මාෆියාව ගැන එළිවෙද්දි ඇන්ටිජන් මෑන්ගේ උකුස්සා යනවා සීනි හොයාගෙන. රු. 85 සීනි ගෙනල්ලා රු.240 වෙනකම් නඟිද්දි ආණ්ඩුව මුකුත් නොකර බලන්න ඉදිද්දි ඔන්න යනවා උකුස්සා පාරිභොගික අධිකාරියටත් කළින්. ගිහිල්ලා ඇන්ටිජන් මෑන් සම්බන්ධව සමාජයේ එන අවධානය අනික් පැත්තට යන්න දැම්මා ජවනිකාවක්.”

මරික්කාර් මහතා වැඩි දුරටත් කියා සිටියේ අගෝස්තු 31 වැනිදා පාරිභොගික සංවර්ධන අධිකාරියට මේ සීනි රදවා ගැනීම් ගැන දැනුම් දී ඇති බවත් හොරෙන් සඟවා සිටියනම් ඒ සදහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

සටහන – CJ