විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවු අවස්ථාවේ ඇති වූ කතාබහක්

“රනිල් වික්‍රමසිංහ අගමැති කළේ වෙන මොකකටවත් නෙමෙයි. රාජපක්සලා ආරක්ෂා කරන දේවල් කරන්න. අපිට ජනතාව එක්ක කොන්දේසියක් තියෙනවා. ඒ තමයි ජනාධිපති ගෝඨා ගෙදර පල කියන එක. මේක ගත්තා, නොගත්තා අපි අරගලය පාවා දෙන්නේ නෑ. අපි අරගලයට අනුගත ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ”සජිත් සමග සිටි මන්ත්‍රීවරු කීවේ එක හඩිනි.

“සමහරු අගමැතිකම් ගන්න ගියේ රාජපක්ෂලා රකින්න. හැබැයි සජිත් අගමැතිකම් ගන්න ගියේ රාජපක්ෂලා අරින්න”නලින් බණ්ඩාර පැවසුවේය.