ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා මඟින් දශක ගණනාවක් තිස්සේ විශාල මෙහෙවරක් රටට සිදු කොට ඇති බවත් අකාර්යක්ෂම හා අදූරදර්ශී මූල්‍ය පරිපාලනය හේතුකොටගෙන ඒවා වසා දැමීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.