ඇතිවී තිබෙන අර්බුදය විසදීමට කඩිනම් පියවර ගැනීම ගැන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සෑම විටම අදහස් දක්වන්නේ සංවේදීවය. මන්ත්‍රී කණඩායම් රැස්වීම්වලදී ඔහු දිගින් දිගටම පවසා තිබුණේ ගෝල් ෆේස් ජන අරගලයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දීම සදහා වන මැදිහත්වීම කළ යුතු බවය.

“අපි ආණ්ඩුව අරගෙන මේ ප්‍රශ්ණ විසදමු. මේ දේවල් පමා වෙනවා නම් මම ස්වාධීන වෙනවා”හරින් කී කතාව සමාජ මාධ්‍යවල ගියේ ඔහු පක්ෂය හැර යන බවට වන අදහසක් මතුවන ආකාරයටය.

මෙම ප්‍රචාරය යන විට බොහෝ දෙනා හරින්ට කතා කර කීවේ ඔහු පක්ෂය හැර ගියාදැයි කියාය.

“මම පක්ෂයෙන් යනවා කිව්වේ නෑ. මේකට විසදුම් දෙන්නේ නැතිනම් ස්වාධීන වෙනවා කියලා කිව්වේ. මට කියන්න ඕන වුනේ රාජපක්ෂලා ඉක්මනට යවලා මේකට විසදුමක් දෙමු කියන අදහසයි” පැතිරෙමින් තිබූ වැරදි අදහස නිවරදි කිරීමට හරින් කටයුතු කළේය.