පසුගියදා පාර්ලිමේන්තු භූමිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන මන්ත්‍රිවරුන් අතර ඇතිවූ ගැටුම්කාරී තත්වය සම්බන්ධ පරීක්ෂණ කමිටු තීන්දුව වෙනස් කර ඇති බව එම කමිටුවේ සාමාජික ඉම්තියාස් බාකීර් මාකාර් මහතා අද (02) පර්ලිමෙන්තුවේදී පැවසීය.

ඉම්තියාස බාකීර් මාකාර් මහතා මෙහිදී උපහාසාත්මකව කියා සිටියේ එතුමා සහබාගී වූ පරීක්ෂණ කමිටුවේ චමල් රාජපක්ෂ මහතා සාමාජිකත්වය දැරූ අතර එම කමිටු වාර්තාව වෙනස් කල කමිටුවේ සභාපතිවරයා ලෙසත් චමල් රාජපක්ෂ කටයුතු කල ඇති බවයි.

මෙම කමිටුව වාර රැස්වීම් 4ක් පවත්වා  ඇති අතර එම අවස්ථාවන හිදී අදාල පැමිණිලිකරුවන් සහ  සක්ෂිකරයින් කැඳවා අදාළ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කල බවත් ඉන් පසුව කාරක සභාව පහත නිර්දේශ ඉදිරිපත් කල බව ඒ මහතා වාර්තාව උපුටා දක්වමින් පැවසීය.

ඩයනා  ගමගේ මහත්මිය සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරන ලදි.

අදාළ සිදුවීම සඳහා ආරම්භය සහ චේතනාත්මකව පෙළඹවීම ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලදි.

අදාල සිදුවීමේ හැසිරීම ගරුසරු නොමැතිව හැසිරීම, නින්දා කිරීම,

අදාළ සිදුවීමේදී කල වචන භාවිතය, තර්ජනය කිරීම සහ සුජිත් සංජය පෙරේරා මහතාට පහරදීමට තත් කිරීම සහ පහරදීම.

සුජිත් සංජය පෙරේරා මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ.

අදාල සිදුවීමේ හැසිරීම අදාල සිදුවීම වලක්වාගැනීමට කටයුතු කළ ආකාරය.

චේතනාවෙන් තොරව තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් අවස්ත්නුකුලව ප්‍රතික්‍රියා දැක්වීම, ඒ අනුව ශාරීරික පීඩනයක් ඇතිවන ලෙස තල්ලු කිරීම.

රෝහණ බණ්ඩාර මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හැසිරීම.

ගරුසරු නොමැතිව හැසිරීම, නින්දා කිරීම වචන භාවිතය, සිදුවීම වීඩියෝගත කිරීම සහ චේතනාන්විතව සමාජගත කිරීම

උක්ත නිරීක්ෂණ අනුව කාරක සභාව තම නිර්දේශ මෙසේ ඉදිරිපත් කරයි

  1. ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය වෙත මාස තුනක කාලසීමාවක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම් වලට සහබාගී වීමට කමිටුවේ ඒකමතික තීරණය විය.
  2. සුජිත් සංජය පෙරේරා මහතාට ඔහු විසින් දක්වන ප්‍රතික්‍රියා සම්බන්ධව දැඩි ලෙස අවවාද කලයුතු බවට බහුතර තීරණයෙන් එකඟ විය.
  3. රෝහණ බණ්ඩාර මහතා අදාල වීඩියෝව සමාජගත කිරීම හේතුවෙන් ඩයනා ගමගේ මන්ත්රිතුමියට සිදුවූ අපකීර්තිය සැලකිල්ලට ගෙන සති දෙකක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවීමට තීරණය කලයුතුය.