රටේ නායකයා විදිහට මූල්‍ය පාලනය හරියට නොකරපු නිසා අද අපේ රටට තෙල්, ගෑස් ,කෑම ගේන්න බැරි තත්ත්වයට පත්වෙලා ඇති බව විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබදව ඊයේ (22) විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවේ දී සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. එම මාධ්‍ය හමුවට ස.ජ.බ පර්යේෂණ හා සංවර්ධන ලේකම් ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, ස.ජ.බ නීති ලේකම් ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මැතිතුමා සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මැතිතුමා සහබාගී විය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

1994 ඉඳලා හැම ජනාධිපතිවරණයකදී ම රටේ ජනතාව ඡන්දය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. පහුගිය මැතිවරණයෙන් පස්සේ මේ රටේ ජනතාව තේරුම් ගත්තා විධායක ජනාධිපති කෙනෙක් කල්පනා නොකර කටයුතු කලොත් රටකට වෙන විපාකය . පළමු දේ තමයි ජනාධිපති කිසිම විශේෂඥයෙක් ගෙන් අහන්නේ නැතුව තමන්ගේ විධායක බලතල පාවිච්චි කරලා එක රැයෙන් රසායනික පොහොර ගේන එක නැවැත්තුවා. අද රටේ ආදායම බාගෙට බාගයක් බැහැලා. ගොවියා අනාත වෙලා. රටේ ආහාර හිඟයක් ඇති වෙලා සාගතයක් එන තැනට විධායකය ජනාධිපති කටයුතු කර තිබෙනවා .

විධායක ජනාධිපති රටේ නායකයා විදිහට මූල්‍ය පාලනය හරියට නොකරපු නිසා අද අපේ රටට තෙල්, ගෑස් ,කෑම ගේන්න බැරි තත්ත්වයට පත්වෙලා. එය පහුගිය අවුරුදු 74 තුළදිම ඇති නොවූ තත්ත්වයක්. මේ විධායක ජනාධිපති පිස්සු කෙලිමින් මෝඩ තීරණ ගත්ත නිසා ඒ තත්ත්වයට රට පත්වෙලා තියෙනවා. මේ නිසා තමයි රටේ ජනතාව ඉල්ලුවේ කරුණාකරලා මේ රටට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්නලා දෙන්න කියලා. ඒ වගේම විධායක ජනාධිපති බලතල අඩු කරන්න කිව්වා. මේ රටේ නීතියේ ඉන්න අධිකරණයට මෙහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ 19 වන සංශෝධනය ගෙනල්ලා බලතල අඩු කිරීම පළමු පියවර විදියටත දෙවැනි පියවර විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා ඒ තුලින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම නීතීඥ සංගමය තුළත් රටේ සිවිල් සංවිධාන සිවිල් සමාජත් ඉල්ලීම් කළා.

පක්ෂයක් විදියට අපි 21 වන ව්‍යවස්ථාව සංශෝධන යෝජනාවක් ගෙනාවා. එහි විධායක ජනාධිපති ක්‍රමය අයින් කරල නාමික ජනාධිපතිවරයෙක් යටතේ පාර්ලිමේන්තුවට බලතල ගෙනල්ලා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න යෝජනා කර තිබෙනවා . මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා රට ගෙනියන්න අවශ්‍ය සාධාරණ යෝජනා තිබෙනවා.නමුත් මේ ගොල්ලෝ කියනවා අධිකරණයෙන් කිව්වලු මේකට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඔව් අපි එක දන්න නිසා තමයි මේ සංශෝධනය ඉදිරිපත් කළේ .එහි පාර්ලිමේන්තුවට බලතල ගෙනල්ලා ජනාධිපති තනතුරේ විධායක බලය අයින් කරලා මේ රට හරිමගට ගෙනියන්න ජනතාව ඉල්ලපු දේ තමයි අපි ගෙනල්ලා තියෙන්නේ. ජනමත විචාරණයක් නැතුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න බැහැ. තුනෙන් දෙකක බලය ඕන .අපි අහනවා මේ ආණ්ඩුව ගෙනාවේ මොකක්ද කියලා. ආණ්ඩුව ගෙනාපු 22 වන සංශෝධනය පස්සේ 21 ඒවි එකේ කරල තියෙන්නේ 19වැනි සංශෝධනය ගේන්න කියලා මේ රටේ මහා සංඝරත්න ඉල්ලුවා නීතිඥ සංගමය ඉල්ලීම් කළේ පළමු පියවර 19 සංශෝධන වන පියවර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වූ සමාජයක ඉල්ලීම අපි පක්ෂයක් විදියටත් කරේ ඉල්ලීම මේ ඔක්කොම කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා නමුත් දැන් රනිල් වික්‍රමසිංහ විජේදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා දහනමවැනි සංශෝධනය කියලා දහ නමයෙන් නොතිබිච්ච බලයක් විධායක ජනාධිපතිට ඇති කරලා තමයි මේ සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. එකක් තමයි ජනාධිපතිට අගමැති අයින් කරන්න පුළුවන්. අපි දන්නවා දින 52 ආණ්ඩුව කරපු නීති විරෝධී ක්‍රියාවට අධිකරණ තීන්දුවක් දුන්නා ජනාධිපතිට අගමැති අයින් කරන්න බෑ කියලා දැන් මේකෙන් ඒ බලය තවත් වැඩි කරලා. ඒ වගේම දහ නම වැනි සංශෝධනයේ තිබුණා ජනාධිපතිට ඇමැතිකම් ගන්න බෑ කියලා හැබැයි මේකේ තියෙනවා ජනාධිපතිට ආරක්ෂක ඇමතිකම හොබවන්න පුළුවන් එහිදීත් ජනාධිපතිට කැමති ඕනෑම විෂයක් ගැසට් කරන්න පුළුවන් කියලා 19 සංශෝධනය තිබුනේ. කැබිනට් මණ්ඩලය පත් කරන්න ඕන අගමැතිගේ උපදෙස් පරිදි කියලා මේකේ ජනාධිපති සමඟ සාකච්ඡා කරන්න කියලා තියෙනවා මේක තියෙන්නේ අන්තර්කාලීන නමුත් රටේ ජනතාව ඉල්ලන්නේ මේ අවුරුදු දෙකහමාර තමයි භයානක අවුරුදු දෙකහමාරක් මේ රටේ වැඩිම වැරදි වැඩ කරපු ජනාධිපති මේ ඉන්නේ මේ ජනාධිපති මෙයාගේ කාලයේ පන්නල මේක ක්‍රියාත්මක කරන්න ඕන. එහෙනම් අද රනිල් වික්‍රමසිංහ මහත්මයා විජේදාස රාජපක්ෂ මහත්මයා කරන්නේ විධායක ජනාධිපති බලතල අයින් කරනවා වෙනුවට 19ට සාපේක්ෂව බලතල වැඩි කිරීමයි.

රටේ ජනතාව රවට්ටන්න එහෙම කරන්න එපා. විජයදාස රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ටිකට කියනවා ජනතාව රවට්ටන්න එපා ජනතාවට කිව්වේ දහනමය ගෙනල්ලා බලතල අඩු කරනවා කියලා නමුත් ජනාධිපති 19ට සාපේක්ෂව බලතල වැඩි කරලා.

අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ කියනවා විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කර නිසා මේකෙ සම්මත කරගන්න බැහැ කියලා. මම අහනවා විපක්ෂය කියලා තියෙන්නේ 19 ගේන්නේ කියලා රටේ ජනතාවත් ඒකමයි කියන්නේ අපි දැනට ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. අපිත් එකගයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ස්වාධීන කොමිෂන් සභා වලට ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු කාරක සභා වලට .නමුත් අද කරන්නේ ඒවා පෙන්වලා ජනාධිපති බලතල වැඩි කරනවා හරියට අර නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක්. තවදුරටත් ජනතාව රවට්ටන්න එපා අපේ රටේ ජනතාව ඉල්ලූ දේ නෙමෙයි මේ 21 තියෙන්නේ.