ගෑස් පිපිරීම් මගින් සිදු වු ජිවිත හා දේපළ හානි සදහා වන්දි මුදල් ගෙවනවා ද? යන්න අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ ය.

එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ තමන්ට මෙය අදාල නොවන බවත් ගෑස් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ලස්සන අලගියවන්න මහතා බවයි.

එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු චමින්ද විජේසිරි මහතා බන්දුල ගුණවර්ධන මහතාට කියා සිටියේ විෂය භාර ඇමැතිවරයාගෙන් රාජ්‍ය ඇමතිවරයාට බෝලේ පාස් කරමින් අත සෝදා ගන්න කටයුතු කරන බවත්, කැබිනට් අමාත්‍යවරයෙක් විධියට මිට වඩා වගකිමෙන් කටයුතු කළ යුතු බවත් රටේ ජනතාවගේ ජිවිත බේරා ගත යුතු බවත්ය.

හේෂා විතානගේ මහතා පවසා සිටියේ දේශපාලන වශයෙන් හානියක් සිදු වේයැයි සිතා අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගෑස් පිපිරීම් පිළිබඳ සත්‍ය වසන් කිරීමට කටයුතු කරමින් සිටින බවයි .

ගෑස් පිපිරීම් මගින් සිදු වු හානි වලට වන්දි මුදල් ලබා දෙනවා ද? යන්න නිශ්චිත පිළිතුරක් ආණ්ඩුවේ ලැබුණේ නැත.