රසායනික ද්‍රව්‍ය සහිතව සිංගප්පූරු ධජය යටතේ ගමන්ගත් ගින්නෙන් දැවී මුහුදුබත් වූ X-PRESS PEARL බහාලුම් නෞකාව දියබත් වූ ප්‍රදේශය අවට මුහුදේ තෙල් පැල්ලමක් නිරීක්ෂණය වී ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නැව බේරා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ තෙල් පැල්ලමක් නිරීක්ෂණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් සූදානම් බවයි.

“X-PRESS PEARL: තෙල් පැල්ලමක් ඇති වන බවක් පෙනෙන්නට තිබුණත්, විශේෂඥයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එම පැල්ලම ඉවත් කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා නොකිරීමට තීරණය කළ බව,” ප්‍රධාන ඉංජිනේරුවරයා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

මුහුදේ රළු බව සහ පල්ලමේ ඝණත්වය අඩු බව හේතුවෙන් තත්ත්වය නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ සාගර පරිසර දූෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර බීබීසී සිංහල සේවයට පැවසුවාය.