හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා වනජීවී අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව හමුවේ කළ ප්‍රශ්ණකිරීම්වලදී, එහි උණුසුම් තත්වයක් ඇතිවිය.

අලි නිදහස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු දෙදෙනා උපදේශක කාරක සභාවේදී ප්‍රශ්ණ කළේය. ආණ්ඩු පක්ශයේ මන්ත්‍රීවරු එයට විරෝධය දක්වමින් ප්‍රශ්ණ කිරීමට අවස්ථාවක් ලබාදුන්නේ නැත.

උපදේශක කාරක සභාව ආණ්ඩුවේ රැස්වීමක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍යනම් විපක්ශයේ මන්ත්‍රීවරු මෙයට සහභාගීවීමේ අවශ්‍යතාවයක් නොමැතිබව  පවසමින් මන්ත්‍රීවරු දෙදෙනා එතැනින් පිටත්ව පැමිණියහ.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මේ ගැන කතානායකවරයාගේ අවධානයද යොමු කළේය.