තඹුත්තේගම දී ව්‍යාපාරිකයෙකු බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන පැමිණි රුපියල් ලක්ෂ 223 මුදලක් කොල්ලකෑ කල්ලිය මෙහෙයවා ඇත්තේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.

ඒ අනුව තඹුත්තේගම පොලීසිය එම මන්ත්‍රීවරයාව රාජාංගනයේ නිවසේ රැදී සිටියදී ඊයේ රාත්‍රියේ කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ඔහුගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ඇති බවත් වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. එම සැකකරු නවසිගම රාජාංගනයේ පදිංචිකරුවෙකි.