මුදල් පොම්ප කරමින් කෘතිමව නිර්මාණය කරගත් ප්‍රචාරණ යාන්ත්‍රණය තුළින් මීට දෙවසරකට පෙරාතුව පොහොට්ටුව මුළු රටම ඇන්දවූ බවත් ඒ ඇන්දවීමට මුළු රටම අන්ධ වූ බවත් එහි ඛේදවාචකයක් ලෙස බංකොලොත් රටක් නිර්මාණය වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එහෙම ජඩ දේශපාලන ක්‍රමවේදයකින් බලය ලබාගත් වීරයා මෙරට ප්‍රපාතයකට තල්ලු කොට දැමූ පැවසූ විපක්ෂ නායකතුමා අද එහි දෙවැනි අදියර ලෙස රූකඩ පාලනයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසීය.

එදා හිටපු ජනාධිපතිවරයා මම තමයි හොඳටම කළේ කියමින් රට විනාශයට තල්ලු කොට දැමූ බව පැවසූ විපක්ෂ නායකතුමා , අද එහි දෙවැනි අදියර නිර්මාණය වී ඇතැයි ද පැවැසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (24) කොළඹ දිස්ත්‍රික් කැස්බෑව ආසනයේ සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.