ලොකු අයියා ලෙස හෝ මැදිහත්වෙමින් ජනාධිපතිවරයාට පැහැදිලි කර පොහොර ප්රශ්නය විසඳීමට මැදිහත්වන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මෙම ප්‍රශ්න තේරුම් නොගැනීම නිසා වගා බිම් වලට පොහොර නොමැති වීමෙන් 2022 වසරේදී බරපතල ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
”වගා කරන අයට අවශ්‍ය දේවල් නැතිවීම හරහා ඇතිවන අස්වැන්නේ අඩුවීම නිසා 2022 අපට බරපතල අහාර අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමාවත් මේ කාරණය අයියා විදිහට පැහැදිලි කරලා දෙන්න. අපි දන්නවා ඔබතුමාගේ පියා හොද ගොවියෙක්. මඩ හෝදගෙන තමයි එතුමා නාමයෝජනා අත්සන් කරන්න ආවේ කියන එක බොහොම ප්‍රසිද්ධ කාරණයක්. අද එතුමාගේ දෙටු පුතා, ජනාධිපතිතුමා මෙය තේරුම් නොගැනීම නිසා අද ගොවි බිම්වල බරපතල කඩා වැටීමක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමාවත් මේකට සෘජුව මැදිහත් වෙන්න. තරවටු කරලා වේවැල අතට අරන් අයියා විදිහට තමන්ගේ මල්ලිට දෙන දඬුවමක් විදිහට වහාම පොහොර ටික දෙන්න මැදිහත් වෙන්න. ඔබතුමා මැදිහත් වුණොත් මිසක් මේක වෙන කෙනෙකුට කරන්න බැහැ.” යනුවෙන් එහිදී නලින් බණ්ඩාර මහතා සඳහන් කරන ලදී.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ ඔබතුමාගේ උපදෙස් ඉතාම ඉහළින් පිළිගන්නම්. සද්භාවයෙන් කරන කටයුත්තක් සඳහා සියලු දෙනාගේම සහය දක්වන්න.” යනුවෙනි.