රටත් ජනතාවත් අන්දවන පරිච්ඡේදයක් අද යළිත් ආරම්භ වූ බවත් දවසින් දවස රැස්වී, කතා පවත්වා, රට අයාලේ යන තැනට පත් කොට විසිරී යාම හැරුණුකොට රට ගොඩනැගීම උදෙසා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දු මොනවාදැයි මොනවාදැයි හෙළිදරව් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, රට වැටී ඇති බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැතැයිද පැවසීය. 

දරුවන් සාගින්නේ මන්දපෝෂණයෙන් පාසල් වල ඇද වැටෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒවා පිළිබඳව හෙළිදරව් කරන නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයා එදා ඇමරිකානු ඩොලර් බිලියන හතරක් අතේ තියාගෙන ජනාධිපතිකම් ලබාගත් බවට කළ ප්‍රකාශයක් සිහිපත් කළ විපක්ෂ නායකතුමා ඒ මුදල් කොහේදැයි කොහේ දැයි ප්‍රශ්න කර සිටියේය.

අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවා ප්‍රතිපත්ති වෙනස් වී ඇති නමුත්, ආණ්ඩුවේ දරදඬු ප්‍රතිපත්ති වෙනස් වී නැති වීම කණගාටුවට සහ ඛේදවාචකයට කරුණක් බව ද විපක්ෂ නායක තමා පැවසීය.

මේ සියල්ල මැද ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ විවිධ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් බිලිබා ගන්නට බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ දුර්ධාන්ත ආණ්ඩුවට එකතු වන්නට සමගි ජන බලවේගයේ කිසිවෙක් නැතැයි ද පැවසීය.

දේශපාලන ඉරිසියාව සහ කුහකකමින් පිරුණු ආණ්ඩුවට මේ රට ගොඩනැගීමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා,ආර්ථිකය හකුලුවා රට ගොඩනගන බවට මායාවක් ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ මැති ඇමති තනතුරු වර්ධනය කර ගන්නා බව ද පැවසීය.