සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කරනු ලබන ගාලු දිස්ත්‍රික් සමගි වනිතා සමුළුව හෙට (23) දිනයේදී ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම ගාලු දිස්ත්‍රික් සමුළුව සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මේ සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ද සහබාගී වීමට නියමිතව ඇත.

මේ වන විට හෙට සවස 1.00ට සමුළුව ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.