නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියක් අපේ රටේ ක්‍රියාත්මකයි. එය සුරකින්න නෙත් එෆ් එම් (Neth FM) මාධ්‍යවේදීන් ගැන මතක් කරමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

Neth FM නාලිකාවේ මාධ්‍යවේදීන් ගණනාවක් වරප්‍රසාද කමිටුවට කැඳවීමට කටයුතු කර ඇති බවත් එය එසේ නොකරන ලෙස ඊයේ දිනයේ ද ඉල්ලිමක් කළ බවත් ඒ සම්බන්ධයෙන් නැවත ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ එවැනි දෙයක් සිදු නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (4) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානාවකවරයා එවැනි තීන්දු තීරණයක් ගත්තත් එය සාමුහිකව ගත් තීන්දුවක් බැවින් මේ සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කර මෙවැනි වැරදි පුර්වාදර්ශ රටට ලබා නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. එසේම මන්ත්‍රීවරුන් සහ මාධ්‍යවේදීන් අතර ඇති මිත්‍රත්වය මත නොව නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තිය කේන්ද්‍ර කර ගෙන මෙවැනි තීන්දු තීරණ නොගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.