ආණ්ඩුව දවස් කිහිපකට ඉහතදී පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේ පවත්වන බවට ප්‍රකාශක කිරිමත් සමගම දවස් දෙකක් යන්නත් කලින් ආණ්ඩුවේ ඇමතිවරු කියමින් සිටිනවා, රසායනික පොහොර තහනම ඉවත් කරන බවත් ඕනැම තිරණයක් හරි නොගියත් එය රිවස් කිරීමට ආණ්ඩුව සුදානම් බවත් ඒකාධිපති ආණ්ඩුවක් නොවන බවත් පවසමින් සිටින බවට, සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ පොහොර ගැසට් එක රිවස් කරා කියමින් පොහොර මුට්ට කරේ ගහන් ආණ්ඩුවේ ඇමතිවරු අවුරුද්දට නෑගම් එමින් ගොවියා රවට්ටන්න කටයුතු කරන්න සුදානම් වන බවයි.

මේ සිදු කරන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණයේ ඡන්ද ටික ලබා ගැනීමට බවත්, පළාත් සභා මැතිවරණයෙන් පසු නැවතත් ආණ්ඩුව පොහොර තහනම පරණ විදියටම ක්‍රියාත්මක කරයි ද යන්න පිළිබඳ සැකයක් පවතින බව කණිෂ්ක ලැනරෝල් පවසා සිටියි.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොරැවටි පොහොර කප්පාදු කළ ආණ්ඩුව ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් ගෙදර යවන්න කටයුතු කරන ලෙසයි.