බඩු මිල ආකාශයේ පාවෙන්න ඉඩ හැර තිබෙන අතර කිසිම ආණ්ඩුවක් මෙලෙස බඩු මිල තීරණය කිරීමට ව්‍යාපාරිකයන්ට ඉඩ ලබා දී නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ, ඊයේ (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද හාල් මිල තීරණය කරන්නේ වී මෝල් හිමියන් බවත්,කිරිපිටි මිල තීරණය කරන්නේ කිරිපිටි ආනයනකරුවන් බවත්,ගෑස් මිල තීරණය කරන්නේ ගෑස් සමාගම් බවත් සීනි මිල තීරණය කරන්නේ සීනි මාෆියාව බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”මේ ගොල්ලෝ පාලන මිලක් ගෙනාවා.පනතක් ගෙනල්ලා ඇඳිරි නීතිය දාලා හමුදාව දාලා මේජර් ජෙනරාල් නිවුහැල්ල දාලා බඩු මිල පාලනය කරන්න බැලුවා. එකක්වත් සාර්ථක වුණේ නැති තැන දැන් වෙළෙඳුන්ට,කොම්පැණිකරුවන්ට,ආනයන අපනයනකරුවන්ට භාර දීලා තියෙනවා බඩු මිල තීරණය කරන්න. දැන් නම් ඉතින් අපට අහන්නම වෙනවා දැන් සැපද කියල. මොකද මෙහෙම දෙයක් වෙයි කියල ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ජන්දය නොදුන්නු අපිවත් හිතුවේ නැහැ. එතුමාම පිළිගත්තා එතුමා ෆේල් කියල. එතුමා අන්තිමට කිව්වේ මට අත්දැකීම් මදි මට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ අවවාද උපදෙස් ඕන වෙලා තියෙනවා කියල. ඒ කියන්නේ මෙතුමා මෙච්චර කාලයක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව පාවිච්චි කරලා නැහැ එතුමාගෙන් අවවාද උපදෙස් අරන් නැහැ.”

කෙසේවෙතත් වයිමාගෙන් උපදෙස් අරන් හෝ දැන් තියෙන තත්ත්වය අනුව යමක් කිරීමට හැකි වනු ඇතැයි සිතිය නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.