විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කිරීමට ආණ්ඩුව තැරව්කරායෝ කිහිප දෙනෙක් යොදා ගෙන ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක නිරෝෂා අතුකෝරල මහත්මිය පවසයි .

ඇය වැඩි දුරටත් කියා සිටියේ ,

අද වන විට ඉන්ධන මිලත්, ගොඩනැගිලි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක මිලත් ජනතාවට තරු පෙන්නා තියෙනවා. අපි දැක්කා එහෙම වෙලාවක විපක්ෂ නායකතුමා ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ ගැටළු, දුක, ප්‍රශ්න බඩු මිල ගැන අහනවා ඒකට සමහරුන්ට දරාගෙන ඉන්න බැරි වෙලා. එම නිසා ඇතැමුන් මයික් ඉස්සරහට ඇවිත් පිස්සුවෙන් වගේ දොඩවන්න පටන් අරගෙන. මේ ආණ්ඩුවේ මංකොල්ලකාරයෝ මිනීමරුවන්, කාන්තා දුෂකයෝ, ඉන්නවා එහෙම ආණ්ඩුවකින් අපිට ඔයිට වැඩිය හොඳ විවේචනයක් බලාපොරොත්තු වෙන්නත් නොහැකි බව ” ඇය පවසා සිටියාය .

වැඩි දුරටත් කියා සිටියේ ,

“ජනතාවට දැවෙන ප්‍රශ්න තියෙන කොට ඒවා යටගහන්න හදනවා. ඒවා අමතක කරන්න ඒවා ගැන කතා නොකර විපක්ෂ නායක තුමාව විවේචනය කරන්න මේ ආණ්ඩුව තැරැව්කාරයෝ කිහිප දෙනෙක් යොදා ගෙන. ඒ වගේම සමහර විවේචන විපක්ෂ නායකතුමාට කරන විවේචන. මේ රටේ දරුවෝ නැති අම්මලා තාත්තාලා පවා විවේචනය කරන තත්වයට පත්වෙලා. ජනතාවට සේවය කරන්න ආපු ජනතා නියෝජිතයෝ අද රටේ ප්‍රශ්න කතා කරනවා වෙනුවට කටමැද දොඩවන තත්ත්වයට පත් වී ඇති බව” පැවසීය .

“ගංජා විකුණලා රටේ ආර්ථිකය හදන්න ඕන කියන ඩයනා වගේ අයට විපක්ෂ නායකතුමා බඩුමිල ගැන ගැන කතා කරන එක කනට කුළු ගෙඩියකින් ගහනවා වගේ දැනෙනවා ඇති. කනේ දෝංකාර දෙනවා ඇති. පක්ෂය පාවල දීලා වරප්‍රසාද වලට රාජපක්ෂලාගේ ඉදිරියේ තමාගේ ආත්ම ගරුත්වය පාවා දුන්න ඩයනා ගමගේ වගේ අයට ජනතාවගේ දුක දැනෙන්නේ නැහැ. එදා වේල හම්බ කරගෙන කන මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැහැ. ගොවියන්ගේ දුක දැනෙන්නේ නැහැ. කම්කරුවාගේ දුක දැනෙන්නෙ නෑ. ඩයනා ගමගේ ගේ ජොබ් එක තමයි සල්ලි අරගෙන විපක්ෂ නායක තුමාට මඩගහන එක හැබැයි අපි ඩයනා ගමගේ ඇතුළු ආණ්ඩු පක්ෂයට කියනවා අපේ ගමන මඩ ගහලා නතර කරන්න බැරි බව.

ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ජනතාව විරෝධී ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසෙන්න අපි නායකත්වය ගන්නා බවද” නිරෝෂා අතුකෝරල මහත්මිය කියා සිටියේ ය .

මේ බව කියා සිටියේ අද(08) විපක්ෂ නායක කාර්‍යලයේ දීය.