රටේ දැවෙන ප‍්‍රශ්ණ ගැන ආණ්ඩුවේ අවධානය යොමු කරමින් සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් විරෝධතා ක‍්‍රියාමාර්ගයක් ගැනීම ගැන අදහසක් මතුවූයේ දැන සති කිහිපයකට පමණ පෙරදීය. විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස සමග මන්ත‍්‍රී කණ්ඩායමක් සාකච්ඡුා කරමින් කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීම සදහා කටයුතු සූදානම් කෙරිණි.

හරින් ප‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ එස්.එම් මරික්කාර්ට සංවිධාන වැඩ කටයුතුවල වගකීම පැවරිණි. ‘‘සාපයට එරෙහි ජනතා විරෝධය’’ නමින් එම විරෝධතාවය පැවැත්වීමට සියලුදෙනාම එකගවූහ.

පසුගිය සතියේදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ දිනමු කමිටු පැවැත්වෙන අතරවාරයේදීත් මන්ත‍්‍රීවරු සාකච්ඡුා කළේ විරෝධතාවය සාර්ථක කරගැනීම කෙරෙහිය. දිනමු කමිටු පැවැත්වෙන අතරවාරයේදී අය වැය විවාදය සම්බන්ධයෙන් වැඩමුළුවක්ද පැවති අතර එහිදී සූම් ක‍්‍රමය ඔස්සේ සාකච්ඡුාවක් පැවැත්වූයේ සජිත් ඒ වන විට හම්බන්තොට සිටි නිසාය.

‘‘මේ වෙලාවේ අපි ලොකු විරෝධතාවයක් කරන්න ගියොත් ලොකු ප‍්‍රශ්ණ ඇතිවෙන්න පුලුවන්. අපි විරෝධතාවයක් සංවිධානය කරනවා කියලා කතාව පිටට යාමත් එක්ක බුද්ධි අංශ එහෙම කලබල වෙලා කියලා අපිට තොරතුරු ලැබෙනවා’’සරත් ෆොන්සේකා පැවසුවේ ආරක්ෂාව ගැනත් අවධානය යොමු කරමින්ය.

‘‘කොරෝනා ප‍්‍රශ්ණ එහෙම දාන්නත් ආණ්ඩුවට පුලුවන්’’තවත් මන්ත‍්‍රීවරයෙක් කීවේය.

මේ අතර සෞඛ්‍ය රෙගුලාසි යාවත්කාලීන කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ගැන තොරතුරුත් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ට ලැබී තිබුණි.

‘‘සෞඛ්‍ය රෙගුලාසි දාන්න ආණ්ඩුව හදනවා. එහෙම රෙගුලාසි දාලා විරෝධතාව නවත්වන්න ආණ්ඩුව හදනවා’’රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා කීවේ ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ඔහුට ලැබුණ තොරතුරකි.

‘‘මේ විරෝධය නවත්වන ආණ්ඩුව ගන්නා උත්සාහයන් අපි පරාජය කරන්න ඔ්න. අද ආණ්ඩුවට අපි බය වුනොත් හෙටත් අපිට ඔලුව උස්සන්න දෙන්නේ නෑ. මේ වෙලාවේ බය නැතිව අපේ වැඩේ අරගෙන යන්න ඔ්න’’හරින්, මනුෂ සහ මරික්කාර් එක හඩින්ම කීහ.

විරෝධාවය පැවැත්වීම ගැන පක්ෂ විපක්ෂ මතවාදය අවසානයේදී තීරණය වූයේ කෙසේ හෝ විරෝධතාවය පැවැත්වීමටය.

මහලේකම්ගේ මෙහෙයුම!

මේ දැවැන්ත විරෝධතාවය පවත්වන්නට සැලසුම් කිරීමේ සිට එය පැවැත්වීම දක්වා  පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර සජිත්ට දුන්  සහයෝගය ද අප්‍රමාණ ය.

ආණ්ඩුව විවිධ අවස්ථාවල ගනු ලැබූ තීන්දු තීරණ සමග ගැටෙන්නට වුණේ ඔහුට ය.

ආණ්ඩුව පළමුකොට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශන  රැගෙන ඒමත් සමගම  දිවයිනේ නන් දෙස සමගි ජන බලවේග සංවිධායකවරු සහ ක්‍රියාකාරීන් කතා කළේ මහලේකම්වරයාට ය.ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව  විසිහතර පැයම අවධානයෙන් සිටි මහ ලේකම්වරයා ගැටළු වලට අවශ්‍ය විසඳුම් සෙවීමට ද උත්සුක විය.විපක්ෂ නායක කාර්යාලයේ සහ සමග ජන බලවේග කාර්යාලයේ ඔහුගේ කාර්යාල දෙකට ඒ දින කිහිපයම කිසිම නිවනක් නොවීය .

විපක්ෂ නායක කාර්යාලයේ ස්ථාපිත්ව මහලේකම්වරයාගේ කාමරය සහමුලින්ම මෙහෙයුම් මැදිරියක් බවට පත් කොටගෙන උද්ඝෝෂණයට සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධීකරණය සිදු විය.උද්ඝෝෂණ සංවිධායකයින් සියලු දෙනා රැස්වූයේ රංජිත්ගේ කාමරයේය .රංජිත් සජිත් සමග සම්බන්ධීකරණය වෙමින් අවශ්‍ය කටයුතු සංවිධානය කරනු ලැබීය.

පොලිසිය විසින් මේ විරෝධතාවයට එරෙහිව තහනම් නියෝග ගැනීමට යාමත් සමඟම මහ ලේකම්වරයා වහාම ක්‍රියාත්මක වී පක්ෂයේ සියලුම නීතිඥ වරු මෙහෙයුමට එකතු කර ගත්තේය.එපමණක් නොව විරෝධතාවය පැවැත්වෙන දිනයේ සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායමම එම විරෝධතා කරුවන් සමග පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය . ඊට අදාළ කටයුතු සිදු සිදු කළේ මහ ලේකම්වරයාය.

විරෝධතාවය පෙරට ඇදෙන අතර  පිරිස් පාලනය කිරීමේ කටයුත්තට පවා මහලේකම්වරයාට මැදිහත් වන්නට සිදුවිය .අවසානෙදි විපක්ෂ නායක සජිත් ජනතාව අමතන මොහොතේ මහලේකම්වරයා කොහේදැයි කියා සජිත් විමසිල්ලෙන් වටපිට බැලුවේ මහ ලේකම්වරයා ද එම වේදිකාවට කැඳවා ගැනීමටය.

කිහිපදෙනෙක් ගොස් මහලේකම්වරයා කොහෙද කියා සොයා බලන විට  ඔහු සිටියේ පෙළපාලි කරුවන් අතර පෙලපාලිය සංවිධානය කරමිනි.

balavegaya f219d5a9 ranjith madduma

සූම් සාකච්ඡා

රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයාට ලැබුණ තොරතුරු නිවරදි බව සනාථ කරමින් විරෝධතාවයට දින කිහිපයකට පෙර සෞඛ්‍ය රෙගුලාසි නිකුත් කළේය. එම ප‍්‍රවෘත්තිය ලැබුණ වහාම හරින් , මරික්කාර් සහ මනුෂ සූම් සාකච්ඡුාවක් සංවිධානය කළේ ඒ වන විට ඇතැම් මන්ත‍්‍රීවරු කොලඹින් පිට සිටි නිසාය.

‘‘ආණ්ඩුව අපි විරෝධතා කරන්න හදනවිට සෞඛ්‍ය මාර්ගෝපදේශ හදනවා. පොහොට්ටුවේ සම්මේලන තියනකොට, ගම සමග පිළිසදර කියලා ජෝගි නටනකොට මේ කිසිම එකක් නෑ’’නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කීවේ තරමක ආවේගයෙන් යුතුවය.

‘‘එක රටක් එක නීතියක් කියලා කිව්වට, ඒ අයට එක නීතියක්. අපිට තව නීතියක්. මේවා ආණ්ඩුවේ රෙදි ගැලවෙන වැඩ’’මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා පැවසුවේය.

‘‘අපි කිසිම හේතුවක් නිසා විරෝධතාවය ආපසු හරවන්න හොද නෑ’’මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරත් තද ස්ථාවරයක සිටියේය.

සූම් සාකච්ඡුාව යන අතරවාරයේදී මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයාට දුරකතන ඇමතුමක් ලැබුණේය. එයින් කියවුනේ කොළඹ මහ නගර සභාව හා සෞඛ්‍ය නිලධාරීන් විසින් විරෝධතාවය පැවැත්වෙන හයිඩ් පිටියට ලබාදීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බවය.

‘‘අපිට හයිඩ් පිටිය තහනම් වෙලා. දැන් මට ඒ කෝල් එක ආවා’’ මුජිබර් අනෙක් මන්ත‍්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

‘‘ආණ්ඩුවේ බය එයින්ම පේනවා. මේක මර්දනය. මර්දනය හමුවේ අපි නැමෙන්න නරකයි’’මරික්කාර්ද විරෝධතාවය ආපසු හැරවීමට කිසිදු බුරුලක් දුන්නේ නැත.

විරෝධතාවය පැවැත්වෙන දිනට පෙර දිනයේදී සරත් ෆොන්සේකාට තොරතුරක් ලැබී තිබුණේ රටේ බොහෝ පොලිස් ස්ථානවලින් අධිකරණය හමුවට ගොස් විරෝධතාවය පැවැත්වීමට වාරණ නියෝග ලබාගැනීමට සූදානම් වන බවය. මෙම තොරතුර සජිත්ට ලැබුණ වහාම ඔහු පක්ෂයේ නිති ප‍්‍රධානීන් කැදවූවේය.

‘‘දැන් විරෝධතාවයට වාරණ ගන්නා හදන සෑම අධිකරණයකමට අපේ නීතීඥයෙක් යොමු කරන්න. අවශ්‍ය සියලුම නීතිමය පියවර සදහා අපේ නීතීඥ කණ්ඩායම් සූදානම් කරන්න’’සජිත්, ජනාධිපති නීතීඥ තිසත් විජයගුණවර්ධනට උපදෙස් දුන්නේය.

ඒ අතර පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨයින් සමග සජිත් සූම් සාකච්ඡුාවක් පැවැත්වූවේය. දහවල් එම සාකච්ඡුාව පැවැත්වූ අතර සවස පහට නැවත විපක්ෂ නායක කාර්යාලයේදී පිරිස එක්වූහ.

‘‘දැන් අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටු අසල පොලීසිය දාන්න හදනවා. තැන තැන පොලීස් මුර පොලවල් දාලා කොළඹට එන ජනතාව නවත්වන්න හදනවා’’මනුෂ කීවේය.

‘‘එහෙම වුනොත් අපි රට පුරාම විරෝධතා පවත්වමු. බාධා පමුණවන තැනදී ඒ අයට විරෝධතා පවත්වන්න කියමු. අපි රටම විරෝධතා පිටියක් බවට පත් කරමු’’සජිත් කළ යෝජනාවට සියල්ලෝම කැමැත්ත දැක්වූහ.

මේ අතර විරෝධතා වලක්වන ලෙස ඉල්ලා සිටිමින් පොලීසි රැුසක් අධිකරණ නියෝග ඉල්ලා සිටි අතර බොහෝමයක් අධිකරණ එම නියෝග ප‍්‍රතික්ෂේප කළේය.

මේ තත්වය හමුවේ රට පුරාම පැවැත්වෙන විරෝධතා පිළිබද තොරතුරු ලබාගැනීම සදහා ක්ෂණික තොරතුරු මධ්‍යස්ථානයක් නිර්මාණය කළේය. වට්ස් ඇප් ඔස්සේ රට පුරාම පැවැත්වෙන විරෝධතාවයන් පිළිබද තොරතුරු සමගි ජන බලවේගයේ ප‍්‍රධාන කාර්යාලයට එක් රැුස් කළ අතර ඒවා මාධ්‍ය ආයතන වෙත බෙදා හැරීම සදහාද ක්ෂණික ක‍්‍රමවේදයක් සකස් කළේය.

විරෝධතාවය පැවැත්වන දිනයේදී උදෑසනම රංජිත් මද්දුමබණ්ඩාර, නලින් බණ්ඩාර, එරාන් වික‍්‍රමරත්න, එස්.එම්. මරික්කාර්, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත‍්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ. රංජිත් මද්දුමබණ්ඩාරගේ කාර්යාලය මෙහෙයුම් මධ්‍යස්ථායක් බවට පත් කර ගනිමින් විරෝධතාවයට එල්ලවන බාධාවන්ට ක්ෂණික විසදුම් ලබාදුන්හ. ඒ අතරම සියලුම සංවිධායකයින්ට දැනුම් දුන්නේ කුමන හෝ ක‍්‍රමයකින් කොළඹට පැමිණෙන ලෙසය.

ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන ලෙසට සියලු දෙනාටම දැනුම් දුන්හ. සවස තුනට විරෝධතාවය පැවැත්විමට නියමිත වූ අතර සවස දෙක වන විටත් විපක්ෂ නායක කාර්යාලය අසලට විශාල පිරිසක් පැමිණ සිටියේ නැත.

මුල් සැලසුම වූයේ සජිත් විපක්ෂ නායක කාර්යාල ඉදිරිපිටට පැමිණ විරෝධතාවය පවැත්වීමටය. සවස දෙක වන විටත් විශාල පිරිසක් නොපැමිණීම නිසා විරෝධතාවය අසාර්ථක වනු ඇතැයි ඇතැම් මන්ත‍්‍රීවරු සැක පළ කළහ.

‘‘අපේ ත‍්‍රීවිල් බලකායෙන් අපිට තොරතුරු ලැබෙනවා. හැම තැනම පොලිස් බැරියර් දාලා. බස් හරවලා යවනවා’’ නලින් බණ්ඩාර කීවේ කොළඹ නගරයේ ත‍්‍රීරෝද රථ රියදුරන්ගෙන් තොරතුරු එක් කිරීම සදහා වූ මෙහෙයුම ගැනත් පැහැදිළි කරමිනි.

‘‘ආණ්ඩුව මොන මර්දනය කළත් අපි මර්දනයකරන්න බෑ. බය වෙන්න එපා. විරෝධතාවය සාර්ථක වෙනවා’’හරින් කීවේ අභ්‍යන්තර රහස් සැලසුමේ තවත් තොරතුරු කිහිපයක් කියමිනි.

ඒ වන විට මැද කොළඹ සහ කොළඹ නගර සභා බල ප‍්‍රදේශයෙන් විශාල පිරිසක් පැමිණෙමින් සිටියේ පයිනි. එකිනෙකා බැගින් පැමිණි ඔවුන් විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන විට ඒ අවට මාර්ගය එකම හිස් ගොඩක් බවට පත්ව තිබුණි.

‘‘දැන් මෙතැන නිකම් විරෝධාවයක් කරන්න බෑ. විරෝධතාවය පෙළපාලියක් විදියට ඉදිරියට අරගෙන යන්න ඔ්න’’රාජිත පැවසුවේය.

ඒ අනුව සජිත් විරෝධතාවය පැවැත්වන විපක්ෂ නායක කාර්යාලය දෙසට පැමිණි අතර ඔහුට විපක්ෂ නායක කාර්යාලයට පැමිණීමට නොහැකිවූයේ ඒ පෙදෙසම එකම හිස් ගොඩක් වී තිබූ නිසාය. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය තුළට යන අදහස අතහැරගත් සජිත් විරෝධාතාවයට එක්වූහ. සජිත්ගේ එක් පසෙකින් පාඨලී චම්පික රණවක මන්ත‍්‍රීවරයා සිටි අතර අනෙක් පසින් රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා විය. ඇතැම් විටක විරෝධතාකරුවන් වේගයෙන් ඉදිරියට යන්නට වූ අතර සජිත් චම්පික, රාජිත, දිගම්බරන්, මදුමබණ්ඩාර ඇතුළු මන්ත‍්‍රීවරුන්ගේ අත් දැඩිව අල්ලා ගනිමින් ඉදිරියටම ගමන් කළහ.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, හරින්, මනුෂ, මරික්කාර්, නලින් බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙක් විරෝධතාවය සංවිධානය කරමින් ක‍්‍රමයෙන් ඉදිරියට යන ආකාරය ගැන ක්ෂණික තීරණ ගත්තේය.

‘‘අපි දැන් මේක ලිබර්ටි රටරවුම පැත්තට අරගෙන යමු. එතැනදී නායකතුමාට කතාවක් කරන්න කියමු’’ ඔවුන් විරෝධතාවය ලිබර්ටි වටරවුම දෙසට හැරවූහ.

එතැනදී සජිත් මාධ්‍යයට ප‍්‍රකාශයක් ලබාදෙන විට නැවත වරක් මෙහෙයුමේ ප‍්‍රධානීහු වට රවුමට වී තවත් සාකච්ඡුාවක් කළහ. ඒ රහස් සාකච්ඡුාවේදී යළිත් තීරණය වූයේ විරෝධතාවය අරලියගහ මන්දිරය දෙසට රැුගෙන යාමටය.

කොල්ලුපිටිය මංසන්ධියේ සිට අරලියගහ මන්දිරය දෙසට විරෝධතා පෙළපාලිය ගමන් කරන විට වැස්සක් ඇද හැලුනේය. වැස්ස නොතකා පිරිස ඉදිරියට ගමන් කළ අතර ටික වේලාවකින් ආරක්ෂක නිලධාරියෙක් පැමිණ සජිත්ට කුඩයක් දුන්නේය. සජිත් කුඩය රැුගෙන උසින් වැඩි චම්පිකට ඉසුලුවේය. චම්පිකද තරමක් පහතට වී සජිත්ගේ කුඩය යටට වූ අතර වැස්ස අවසන් වන තුරු සජිත් කුඩය අතහැරියේ නැත්තේ සිය සටන් සගයින් ආරක්ෂා කරමිනි.

මේ අතර නලින් තවත් මෙහෙයුමක යෙදී සිටියේය. ඒ සජිත්ට කතා කිරීමට වාහනයක සවි කළ ශබ්ද විකාශන යන්ත‍්‍ර කාටත් හොරා විරෝධාතාවයට ගෙන ඒමටය. කොටුව දෙස සිට වාහනයක සැගවූ ශබ්ද විකාශන යන්ත‍්‍රය කොල්ලුපිටිය දෙසට පැමිණ විරෝධතාවයට එක්වූ අතර හරින්, මනුෂ දෙදෙනා වාහනයේ බොනට්ටුව මතට නැගී මයික‍්‍රපෝනයෙන් විරෝධතා සටන් පාඨ කියමින් ඉදිරියටම ගමන් කළහ. ඔවුන් ගමන් කළ රථය තරමක් වේගයෙන් ගමන් කළ නිසා විරෝධතාවයට තරමක් ඉදිරියෙන් එය ගමන් කළේය.

සජිත් කීවේ විරෝධාතාවය අරලියගහ මන්දිරයත් පසුකරගෙන ගෝල් ෆේස් වට රවුමට පැමිණ විරෝධතා රැුළියක් පැවැත්විය යුතු බවය. ඒ අනුව තරමක් ඉදිරියෙන් ගිය ශබ්ද විකාශන යන්ත‍්‍රය රැුගත් වාහනය නැවත හරවාගෙන ගෝල්ෆේස් වටරවුමට පැමිණියේය.  එහි කිසිදු වේදිකාවක් නොවූ අතර ශබ්දවිකාශන යන්ත‍්‍රය රැුගෙන පැමිණි වාහනය සජිත්ගේ වේදිකාව බවට පත්විය.

‘‘රට දිනවන පොදු ජන අරගලය අපි ආර්ම්භ කරලා තියෙනවා.  දහසක් අභියෝග අප‍්‍රමාණ බාධක මැද පැමිණි මේ ජන ගංගාව ඔප්පුකර ඇත්තේ මේ අත්තනෝමතික ආණ්ඩුවට එරෙහි අරගලයේ ආරම්භයයි’’ සජිත් දැඩි කතාවක් කළේය.

විරෝධතාවය අවසන් කළ මන්ත‍්‍රීවරු එදින රාත‍්‍රියේදී හමුවූයේ ආණ්ඩුවේ මර්දනය මැද කළ විරෝධය ගැන සාකච්ඡුා කිරීමටය.

‘‘බය නැති මිනිස්සු කොළඹට ආවා. ආණ්ඩුව අපි බය කරන්න හැදුවට මේ රටේ මිනිස්සු බය නැති බව බය ආණ්ඩුව තේරුම් ගන්න ඔ්න’’මනුෂ කීවේය.

‘‘මේ විරෝධතාවල ආරම්භය විතරයි. ආණ්ඩුව එලවන තුරු අපි මේ සටන ඉදිරියටම අරගෙන යන්න ඔ්න’’ මන්ත‍්‍රීවරු සියල්ලෝම එක හඩින් පැවසූහ.