පසුගිය මැයි 30 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් දුරකතනයෙන් සම්බන්ධ කරගෙන උදව් ඉල්ලූ බව කී එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ.

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් මෙන්ම නීතිපතිවරයාගෙන්ද බලපෑම් එල්ල වී තිබුණි.

ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල වූ පක්ෂ සාමාජික ක්‍රිස් පින්චර්ට රජයේ ඉහළ තනතුරක් දීම ජොන්සන්ට එල්ල වී තිබූ චෝදනා ලෙස දැක්විය හැකිය