සමගි සේවක සංගමය විසින් ආණ්ඩුව මගින් ඉන්ධන මිල ඉහල නැංවීමට හා භාණ්ඩ වල මිල අසීමිත ලෙස ඉහල නැංවීමට එරෙහිව මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අද සවස විරෝධතාවයක් සිදු කලා.

සමගි සේවක සංගමය නියෝජනය කරන නියෝජිතයන් ආණ්ඩුවට කියා ඉන්ධන වලත් පාරිභෝගික භාණ්ඩ වල මිල පහත හෙළෙන ලෙසයි .

මෙම විරෝධතාවයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් , අශෝක් අබේසිංහ , හර්ෂණ රාජකරුණා ඇතුළු මන්ත්‍රීවරුන් එක්ව සිටියා.