රට එවැනි විනාශයකට පත් කරපු අයට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අද (02) විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසීය.

පුරුද්දක් ලෙස ඊයේ දිනයේදීත් නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කී කතා වලින්,

කොහොමද මේ රට තිබුණෙ, සෑහෙන ආර්ථික වශයෙන් දුර්වල වෙලා පෝලිම් යුගය ඇතිවෙලා පෝලිම් වල ජීවිත විනාශ කරා ආර්ථිකය බංකොලොත් කරන තත්ත්වයට පත් කරා, ඒ වගේම උද්ධමනය 90%ට ඉහළ ගිහින් ආර්ථික වශයෙන් විනාශ වෙච්ච යුගයක් නිර්මාණය වී තිබෙනවා.

යනුවෙන් එතුමා පැවසු බවත් ආර්ථික වශයෙන් රටේ ප්‍රශ්න විසදනවා හා සමානවම රට මවැනි තත්වයකට ඇද දැමූ අයට එරෙහිව අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසීය.

පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රට ගොඩනැගීමට සහයෝගය ලබාදෙනවා වගේම රට මෙවැනි තත්වයකට ඇද දැමූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බව කියනවා වගේම රට විනාශ කල පහුගිය ආණ්ඩුවේ මුදල් ඇමති, මුදල් රාජ්‍ය ඇමති, විවිධ නිලධාරීන්, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අජිත් කබ්රාල්,පී බී ජයසුන්දර, මේ අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද ? යනුවෙන් හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍යයෙන් ඇසීය.

ජනාධිපති ජාතිය අමතා කියූ පරිදි ආයෝජන ක්‍රියාත්මක කිරීමට නම් ආයෝජකයින්ගෙන් පගාව ඉල්ලු අය සමග එය කල නොහැකි බවත් ආයෝජන ක්‍රියාත්මක කිරීමට නම් රටේ නීතිය හරියට ක්‍රියාත්මක කල යුතු බවත් එතුමා පැවසීය.