මෙවර අති උතුම් පොසොන් මහා පිංකම ජනතා අනුග්‍රහයෙන් පැවැත්වෙන බවත් එම උත්සමයට විදුලිය ලබාදීම රජයේ වගකීමක් උවත් තවමත් ඒ සදහා ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් විදුලිය නොමැතිවීම නිසා පැමිණෙන සියලු දුෂ්කරතාවන්ට මෙම රජය වගකිවයුතු බවත් මිහින්තලේ රජමහ විහාරයේ විහාරාධිපති ආචාර්ය වලවාහැඟුණවැවේ ධම්මරතන හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මේ රටේ පැවති පාස්කු ප්‍රහාරය, LTTE ත්‍රස්තවාදය යන සියල්ල මෙම දේශපාලන දාරාව විසින් සිදුකල ව්‍යසන බවත් වර්තමානයේ ඇවිලෙමින් තිබෙන ආගම් ගැටළු පවා මෙම දේශපාලන දාරාව විසින් සිදුය්කරන ඒවා බව පැවසු උන්වහන්සේ කියා සිටියේ නැවත නැවතත් ඒවාට හසු නොවන ලෙසයි.