ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, මාධ්‍යවේදියෙකු, විද්වතෙකු වන ගෝපාල්ස්වාමි පාර්තසාරති මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (06) කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිල නිවසේ දී සිදුවිණි.

ඔහු කලක්, සයිප්‍රසයේ, ඕස්ට්‍රේලියාවේ සහ පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විය. ඔහු අගමැති රජිව් ගාන්ධි මහතාගේ නිල ප්‍රකාශකවරයා වූ අතර ඔහු අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කොට ඇත. එම කාලය තුළ අවස්ථා ගණනාවකදීම හෙතෙම ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔහු දැනට ජම්මු මධ්‍යම විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා සහ ඉන්දියාවේ නවදිල්ලියේ වායු බලශක්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.ඔහු පසුගිය වසර විස්සක කාලය තුළ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්න පිළිබඳව ඉංග්‍රීසි සහ හින්දි නාලිකාවල රූපවාහිනී විචාරකයෙකු ලෙස ද හෙතෙම කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව ගොඩනැංවීම උදෙසා ඉන්දීය රජයේ සහයෝගය අපේක්ෂා කරන බව එහිදී එහි දී පැවසූ විපක්ෂ නායකතුමා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා දිගුකාලීන, ශක්තිමත් ද්වීපාර්ශීය සබඳතාව පිළිබඳව ද සිහිපත් කළේය.