අලුතෙන්ම භාණ්ඩ වර්ග 97ක් සඳහා 18%ක වැට් බද්දක් එකතු වන අතර අසීරුවෙන් සිටින ජනතාවට තව තවත් පීඩනය එල්ල කරමින් වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙලට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේ මෙය පාර්ලිමේන්තුවේ නින්දිතම අවස්ථාව බවත් රටේ සමස්ත ජනතාවගේම බෙල්ල මිරිකන, ජනතාවට තිබෙන  පහසුකම් අහිමි කරන මෙම බදු පනත අහිංසක ජනතාවගේ ආර්ථිකය බරපතල කඩාවැටීමකට ලක් කරන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ අවස්ථාවන් අහිමිකර, රජය ආදායම් ලබන මෙම පනත පිළිබඳව මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමත් තහනම් කර තිබෙන බවත් 69 ලක්ෂයක ජනවරම VAT 69ක් කර තිබෙන බවත්ය.

තවදුරටත් හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේ මෙම VAT බදු සංශෝධනය ආණ්ඩුව විසින් සම්මත කරගත් නමුත් මේ වන විට ආණ්ඩුවේ 113 නොමැතිවීම නිසා බරපතල අර්බුදයකට පත්ව තිබෙන බවත්ය.

ඒ මහතා කියා සිටියේ මේ සදහා අත් උස්සපු මන්ත්රීවරුන් නම් වශයෙන් මතක තබාගෙන ඔවුන් ඉදිරි මැතිවරණවලදී පරාජයට පත්කිරීමට කටයුතු කළ යුතු බවකි.

VAT