ව්‍යවස්ථාදායක සභාව විසින් යවන ලද නිවේදනයක් මුද්‍රණය නොකරන ලෙසට ජනාධිපතිවරයා විසින් මුද්‍රණාලයාධිපතිනියට උපදෙස් ලබා දී ඇති බවත්, ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට සිදුකරන අත්තනෝමතික බලපෑම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංගනය කිරීමක් බවත්, එය පැහැදිලිවම ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ආ හැකි චෝදනාවක බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීන වැඩකටයුතු වලට බාදා කිරීම, පාර්ලිමේන්තුව විධායකයේ ග්‍රහණයට යටත් කිරීම, අධිකරණයේ විනිශ්‍යකාරවරුන්ට තර්ජනය කිරීම හරහා වත්මන් ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයක් සඳහා අඩිතාලම දමමින් සිටින බව මෙහිදී ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඒකාධිපති වියරුවක් තිබෙන පාලනතන්ත්‍රයක් වැලැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල කලයුතු සියලු දේ සිදුකරන බව එතුමා වැඩිදුරටත් පැවසීය.