අනුරාධපුර දිස්ත්‍රිතක් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අද (27) උදෑසන කතා නාකයවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කොට සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන උද්දික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් 2020 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුගිය වසරේ දී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා අනුරාධ පුරයේදී වෙඩි ප්‍රහාරයකටද ලක්විය.

මිට පෙර ජනවාරි මාසයේ (09) වන දින සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණා. ඒ ජනවරමක් නියෝජනය නොකරන පාර්ලිමේන්තුවක් තුල කටයුතු කිරීමට තම හෘද සාක්ෂියට එකඟ නොමැති බවත් කතානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හා පාර්ලිමේන්තුව තුලදී තමාට සිදුවූ අසාධාරනකම් හේතුවෙන් බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

උද්දික ප්‍රේමරත්න