අමෙරිකානු ගුවන් හමුදා සාමාජිකයෙකු වන 26 හැවරිදි ආරොන් බුෂ්නෙල් වොෂිංටන් හි පිහිටා ඇති ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට සිරුරුට ගිනි තබාගෙන සිය දිවිහානි කරගෙන තිබෙනවා. ඒ, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන ජන සංහාරයට සිය විරෝධය පළ කරමින්.

free Palestine

 

ගිනි තබාගැනීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි, මෙට්‍රෝපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය සඳහන් කළේ.

25 හැවිරිදි ආරොන් බුෂ්නෙල් ටෙක්සාස් හි පදිංචි අයෙක් බව සඳහන්.

තවදුරටත් ජන සංහාරයේ කොටස්කරුවෙක් නොවන බවට පවසමින් ඔහු සිය සිරුරට තබාගැනීමට පෙර සමාජ මාධ්‍ය ගිණුමට ප්‍රකාශයක් එක් කර ඇති බව ද සඳහන්.

ඔහුගේ සිරුර බිම පතිත වන තුරු “Free Palestine!” යනුවෙන් හඬ නගා ඇති අතර අදාළ වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍යවලින් ඉවත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා මිය යාමට පෙර අවසන් වරට ෆේස්බුක් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් කියා සිටියේ “වහල්භාවයේ සිටියදී මම ජීවත්ව සිටියහොත් මම කුමක් කරන්නද ?” යනුවෙනි.

 

 

මෙම වාතාවරණය හමුවේ එළඹෙන සඳුදා වනවිට පලස්තීනය සඳහා සටන් විරාමයක් ඇතිකර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

මේ වනවිට කටාර් හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එක්වී ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

සටන් විරාමයකට එකඟ වුවහොත් හමාස් විසින් සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසකට හෝ නිදහස ලබා ගැනීමට හැකිවෙතැයි පැවසෙයි. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා හමාස් සංවිධානය එකඟ වීම විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.