රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබියදී 74 වෙනි නිදහස් දිනය සැමරිමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවත් නිදහස් උත්සවය ඉතා චාම්ව පැවැත් විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ අක්මීමන ආසන සංවිධායක විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි .
ඔහු කියා සිටින්නේ ඉන්ධන ලබා ගැනිමට ඩොලර් නොමැති නිසා ආණ්ඩුවේ ඇමතිවරුන් ජනතාවට ප්‍රවාහනය සීමා කරන ලෙස පැවසූවත් ආණ්ඩුව උජාරුව පෙන්විමට ජෙට් යානා හා වාහන විශාල ප්‍රමාණයක් එකතු කර ගනිමින් නිදහස් දිනය සැමරිමට සුදානම් වන බවයි .
ඉන්ධන අර්බුදය නිසා පසුගිය දින කීපයක්ම විදුලිය විසන්ධි වූ බවද හෙට්ටිආරච්චිට මහතා පැවසීය .
ඉන්ධන අර්බුදය නිසා උත්සව සිමා කළ යුතු බව ආණ්ඩුවට හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය .
එහිදී තව දුරටත් කියා සිටියේ මුදල් අමාත්‍යවරයාගේ වැඩ ලක්ෂයේ වැඩ සටහන අල්ලසක් බවත් එම උත්සව සදහා සමෘද්ධි හිමි ලාභින් පැමිණිය යුතු බවත් එම පැමිණෙන පිරිසට පමණක් උදැල්ලක් මුල්ලුවක් ලබා දෙන බවයි .
හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ මෙවැනි දේවල් කිරීමට පෙර ගොවියාට අවශ්‍ය පොහොර ලබා දිමට ආණ්ඩුව කටයුතු කරන ලෙසයි .
සටහන – CJ