තම වැඩපිලිවෙල වන්නේ  සොඳුරු රටක්  සෞභාග්‍යමත් දේශයක් බවත් ,එය කොටසකට පමණක් සීමා වූවක් නොව රටේ සෑම පුරවැසියෙකුටම හිමිවන වැඩපිළිවෙළක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .රට ගොඩනැගිය හැක්කේ සංවේදී ,රට ගැන හිතන,සෘජු වැඩපිළිවෙලක් ඇති,ජනතා අපේක්ෂාවන්ට ඇහුම්කන් දෙන,හිතක් පපුවක් ඇති නායකත්වයක් තුළින් බව පැවසූ විපක්ෂ නායකතුමා අද රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය ජාතික න්‍යාය පත්‍රයක් බවද පැවසීය.

තිස්සමහාරාම සම සංවිධායක ටී.වී.කේ ගාමිණි මහතාගේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද(07) එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

balavegaya IMG 20211107 WA0032

වියරුව සහ කෲරත්වය විසින් රටක් තිබෙන තැනින් අඟලක් හෝ පෙරට ගෙන යාමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ජන ජීවිත සුරක්ෂිත කරමින් මානව සම්පත වර්ධනය කිරීම සහ ඔවුන්ගේ ජන ජීවිත ගොඩ නැංවීම තුළින් අපේ රට පෙරට ගෙන යා හැකි බවද පැවසීය.ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය හැක්කේ වියරුවෙන් වෛරයෙන් හෝ රෝදයෙන් හැසිරීමෙන් නොව සාකච්ඡාව සම්මුතිය  අහුම්කන් දීම ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානුෂීය සහ යහ ගුණ ධර්ම තුළින් බව ද,ඊට ආසන්නම උදාහරණය දස රාජ ධර්ම බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

balavegaya IMG 20211107 WA0034
balavegaya IMG 20211107 WA0035

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මේ වන විටත් මුළු රටම දන්නා බවත්, ඒ පිළිබඳව  කතා කොට ඵලක් නැති බවත් විපක්ෂ නායකතුමා  පැවසීය.