දින ගණනාවක් පුර පැවති වෘත්තීය සමිති වැඩවර්ජනය අද වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති දීප ව්‍යාප්තව අද (15) එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටී.

මේ තත්වය මත රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ වර්ජනයට එක්වන බොහෝ සේවා දැනටමත් අත්‍යවශ්‍ය සේවා ලෙස ජනාධිපතිවරයා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එය උල්ලංඝනය කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවයි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ‘වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව’ පෙරේදා සිට වැඩවර්ජන ඇතුළු සිය වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසා සිටියේ.

“අද උදේ 8ට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා. සෞඛ්‍ය සේවාව ඇතුළට එක හමුදා නිලධාරියෙක් හෝ පොලිස් නිලධාරියෙක් හරි බලහත්කාරයක් හරි කරන්න ආවොත් පැය 24 වර්ජනය අපි අඛණ්ඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කරනවා.”