වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතට ජනතාවගේ ගැටලු පිළිබඳ නිසි අවබෝධයක් නොමති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ බොරු පවසමින් ජාති වාදය, අගම් වාදය පතුරුවමින් බලයට පත් ආණ්ඩුවට අද වනවීට එහි ශාපය වැදී ඇති බවයි .

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයෙදි මනාප ලක්ෂ 55ක් ලැබුණු බවත් එ සියලුදෙනා සහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු මනාප ලක්ෂ 69න් අද වනවීට බහුතර ජනතාවක් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බවත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන තෙක් ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය දිගින් දිගටම සටන් කරන බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

තව දුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ සටන හා උද්ඝෝෂණ ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළේ සමගි ජන බලවේගය බවයි.

මෙසේ කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .

සටහන – CJ