රනිල් වික්‍රමසිංහගේ රීරි මාංශ උරා බොන බදු ප්‍රතිපත්තිය නිසා ජනතාවගේ ආදායම් විශාල ප්‍රමාණයක් අඩු වෙන්න පටන් ගනිමින් තිබෙන බවත් නව පාසල් වාරය සදහා අවශ්‍ය සියලු අධ්‍යාපන උපාංග තුන් ගුණයකින් පමණ වැඩි වී තිබෙන බවත් අද(23) විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට එක වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසිය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක හා මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා.

එළඹෙන අවුරුද්දේ ජනවාරි මාසය තීරණාත්මක මාසයක් එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ රීරි මාංශ උරා බොන බදු ප්‍රතිපත්තිය නිසා ජනතාවගේ ආදායම් විශාල ප්‍රමාණයක් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පාසල්වල අලුත් අවුරුද්දට අලුත් පන්තියට යන්න ඉන්න ළමයින්ට පොත්, බෑග්, සපත්තු කුට්ටම, පැන්සල ගන්න බැරි තත්වයක් මතුවෙලා. ඒවා තුන්ගුණයකින් විතර ගණන් වැඩි වෙලා දෙමාපියන්ට එය අරන් දෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා.

ඒ වගේම තක්කඩි විදුලිබල ඇමතිවරයා ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ විදුලි බිල වැඩි කරන්න උත්සාහ කරනවා වගේම තර්ජනය කරනවා එහෙම නොවුණොත් පැය දහයක් විදුලිය කපනවා කියලා. අපි කියන්න කැමතියි ජනවාරි මාසේ අපි ජනතාව පාරට බස්සනවා මොකද මේ රටේ මධ්‍යම පාන්තිකයා බදු නිසා දුක් විඳින්න පටන් ගන්නවා දෙමව්පියන්ට දරුවන්ට ඉස්කෝලෙ ළමයි ඉස්කෝලේ යවන්න පොත්පත් ටික අරන් දෙන්න බැරි තත්ත්වයක් මතු වෙනවා. දෙවේලක් කන මිනිස්සුන්ට ලෙවකන මට්ටමට පත් කරනවා. මේ විදුලි බිල වැඩි කිරීම හරහා සමාජයේ අඩු ආදායම් ලබන ජනතාවට තමයි වැඩිම ප්‍රතිශතයක් බිල වැඩි කරන්නේ වැඩිම ආදායම් ලැබෙන අයට තමයි අඩු ප්‍රතිශතයක් බිල අඩු කරන්නේ ජනාධිපතිතුමයි එතුමාගේ ඇමති මණ්ඩලයයි මේ විදියට ජනතාව ගැන හිතන්නේ නැතිව තක්කඩි විදියට හැසිරෙනවා නම් ඕන කෙනෙකුට හිට්ලර් කියලා හිතාගන්න පුළුවන් චණ්ඩි පාට් දාන්න පුළුවන් අපි ජනතාව පාරට බස්සනවා පුළුවන්නම් කරල බලමු අපි හැංගි හොරා කරන්නේ නැහැ කියලා තමයි කරන්නේ ඒ නිසා අපි තව එකක් කියන්න කැමතියි සඳුදා නිවාඩුවක් දීල තියෙනවා ඒකත් අපිට සැකයි මැතිවරණ කොමිසම ගැසට් එක ගහන්න තිබුණේ එදාට ඒ මුද්‍රණාලය වහන්නද කරේ කියලා අපිට ආරංචි එනවා මැතිවරණ දෙපාර්තමේන්තුව නීතිය අනුව මැතිවරණය කැඳවන්න ඕනා දැන් උසාවි නිවාඩුයි පාර්ලිමේන්තුව නිවාඩුයි ඒ නිසා අලුත් අණපනත් ගේන්නේ වෙලාවක් නෑ නියමිත කාල රාමුව අනුව මාර්තු මාසේ 20 වෙනකොට අලුත් ප්‍රාදේශීය සභා පිහිටුවලා ගැසට් කරලා මන්ත්‍රීවරු පත් කරන්න ඕන හරිනම් මැතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ සතියක් දෙන්න ඕන නාමයෝජනා කැඳවන්න අවම සති පහක කාලයක් දෙන්න ඕන මැතිවරණය සඳහා ඊට පස්සේ ඒවා ගැසට් කරන්න ඕන ඉන්පසු සභා වලට අවශ්‍ය අය පත් කරන්න ඕන මේ කාල රාමුව තුළ බලද්දි ළඟ සති දෙකේ මේ මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕන අපිට ආරංචියක් එනවා මැතිවරණය කැඳවල ඉවරවෙලා ආර්ථික ආපදා තත්ත්වයක් තියෙනවා කියලා නාමයෝජනා බාර අරගෙන කල් දාන්න හදනවා කියලා වික්‍රමසිංහ මහත්තයෝ වරද්ද ගන්න තැන ඕකයි මොකද මහමැතිවරණයත් කොරෝනා කියලා lockdown තියෙන වෙලාවේ තමයි කල් ගියේ එහෙනම් ආර්ථික ආපදාවට වගකියන්න ඕන අපිවත් මේ රටේ මහජනතාව වත් නෙමෙයි හොරකම් කරපු රාජපක්ෂ රෙජීමයයි හොරුන් ආරක්ෂා කරන වික්‍රමසිංහ මහත්තයයි . ජනාධිපතිවරණයට කලින් අරලියගහ මන්දිරයේ දී බැසිල් රාජපක්ෂ කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ගේනවා කියලා කවුද කම්මුතු කාරයෙක් ගේනවා කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි, කතා කිරීමේ අයිතිය කම්මුතුයි, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කම්මුතුයි ජනතාවගේ ජීවත් වීමේ අයිතිය කම්මුතුයි එහෙම කියපු එයා තමයි අද ජනතාවගේ කම්මුතු කාරයා වෙලා තියෙන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතු කරලා ආර්ථිකයක් කම්මුතු කරලා කතා කිරීමේ නිදහස කම්මුතු කරලා දරුවන්ට ඉස්කෝලේ ඇඳුමක් පැළඳුමක් අඳින්න තියෙන අයිතිය කම්මුතු කරලා මිනිස්සුන්ට තුන්වේල කන්න තියෙන අයිතිය කම්මුතු කරලා ඒ මදිවට ඡන්ද කල් දාලා එක්ත් කම්මුතු කරන්න හදනවා නම් විදුලි බිල වැඩි වෙනවා නම්, ඡන්ද කල් දාන්න හදනවා නම් ළමයි ඉස්කෝලේ යන්න බැරිනම් මිනිස්සුන්ට අධික බරක් දානවනම් පාරට බහින්නේ නැතුව වෙන මොනවා කරන්නද සමගි ජන බලවේගය ඒකට නායකත්වය දෙනවා.

ඒ වගේම ජනාධිපතිතුමා නිතරම කියන කාරණා දෙකක් තියෙනවා මේ දවස් වල එකක් තමයි නිලධාරීන්ට පුළුවන් කියන එක ඒ මොකද ඡන්ද කල් දාලා ආයතන ටික නිලධාරීන්ට දෙන්න පළාත් සභාව කල් දැම්මා එය ක්‍රියාකාරී ද මේ රටේ බහුතරයක් ස්පිරිතාල, බහුතරයක් පාසල් පළාත් සභාවට අයිති ආණ්ඩුකාරවරු නම දෙනෙක් පාලනය කරනවා. ඉස්පිරිතාල වල දැන් වෙනකොට ලෙඩ්ඩුන්ට කන්න තියෙනවද කියලා බලන්න ඒ පාසල් වලට මුදල් වෙන් කරන පරිපාලනය හරියට සිද්ධ වෙනවද, එහෙම නිලධාරීන්ට පුලුවන්නම් මේ ආයතන මොකුත් අවශ්‍ය නැහැ එහෙම නම් පාර්ලිමේන්තුවත් වහලා දාලා ජනාධිපතිට නිලධාරින් එක්ක කරන්න පුළුවන්.

ජනාධිපති තුමගේ දෙවැනි කාරණාව අපි නිර්පාක්ෂිකව හිතන්න ඕන කිව්වා ලෝකේ මොන රටේද නිර්පාක්ෂිකව හිතාගෙන ඉන්නේ හැම රටකම ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන පක්ෂ විපක්ෂ දෙකක් තියෙනවා එයා නිර්පාක්ෂික කතාව කියන්න හේතුව එයාට ඡන්දෙ ඉල්ලන්න අපේක්ෂ දාගන්න බැහැ ආසන සංවිධායක වරයෙක් නම් කරගන්න බැහැ එයාගේ පදයට නටන්න මේ රටේ මිලියන විසි දෙකක් ජනතාව සූදානම් ද? පිස්සු කියවන්නේ.

එතුමා මේ රටේ සදාකාලික ජනාධිපති නෙමෙයි මුක්තිය තියෙන්නේ 2024 අගෝස්තු මාසේ වෙනකම් විතරයි ඊට පස්සේ සාමාන්‍ය පුරවැසි වෙනවා ගෝඨාභයට ජනාධිපති කම අහිමි වුණාට පස්සේ ගෝඨාභය elected ජනාධිපති මෙයා selected ජනාධිපති එතකොට සාමාන්‍ය පුරවැසියා ඒක තමයි ගෝඨාභයට උසාවි යන්න වෙලා තියෙන්නෙ මෙයාට යන්න වෙනවා මේක එයාට අමතක වෙලා එයා ඉන්නේ.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක හා මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා.