සියලු කාන්තා බලවේග වලට වඩා සමඟි වනිතා බලවේගය ඉදිරියෙන් සිටින බවත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල ජනතාව අසීරුතාවයට පත්කරමින් ගෝඨාභය රාජපක්ෂ ගෙන ගිය විනසකාරි ආර්ථික වැඩපිළිවලට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කලේ සමඟි වනිතා බලවේගය බවත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

කාන්තාවන් දේශපාලනයට සක්‍රියව මැදිහත්වීම ඉතාමත් වටිනා, අගයකලයුතු කටයුත්තක් වන නමුත්, වැදගත් වන්නේ පැහැදිලි වැඩපිළිවෙලක් සහිත දේශපාලන පක්ෂයක් වටා එකතුවීම බව මෙහිදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කර සිටියේය. එතුමිය වැඩිදුරටත් කියා සිටින්නේ මවට මුලිකත්වය දෙන සමාජයක ගණිකා වෘත්තීය නීතිගත කිරීම වැනි ප්‍රතිපත්ති ඉදිරිපත්කරන පක්ෂ වටා එකතු වීමෙන් සිදුවන්නේ පිරිහීමට පත්ව තිබෙන සමාජය තවදුරටත් ආපස්සට ගමන් කරන බවයි.