ලංකාවට නිත්‍යානුකූල අයිතිය පවතින තෙල් ටැංකි ඉන්දියාවට නිත්‍යානුකූල ලෙස අයිතිය ලබා දිමට යන්නේ ආණ්ඩුව බංකොලොත් වී ඇති නිසාද යන්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට අභියෝග කරමින් අසා සිටියේ ය

මේසේ අභියෝග කළ සිටියේ අද විපක්ෂ නායක කර්‍යාලයේ දීය .

වැඩි දුරටත් පැවසා සිටියේ ,

“උදය ගම්මන්පිල ඇමතිවරයාට අභියෝග කරනවා කලින් සදා කාලීනව තෙල් ටැංකි ටික දීලා තිබුණා කියන එක පට්ටපල් බොරුවක් කිසි දෙයක් එහෙම සිදුවෙලා නැහැ 2004 ඉඳලා ඕන වෙලාවක නැවත ලංකාවට ගන්න තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයා එක ගත්තෙ නැහැ 2010 බලයට ඇවිත් ගත්තෙත් නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්තෙත් නැතුව එය ඉන්දියාවට නිත්‍යානුකූලව ලියන දෙන්න යන්නේ ඒක තමයි යථාර්ථය මම අභියෝග කරනවා ඔබතුමන්ලා බංකොලොත් වෙලා ඉන්න නිසා නේද විකුණන්න හදන්නේ කියලා.

නැහැ ඒක අයිතිය තියෙන්නෙ ශ්‍රී ලංකාවට කියන එක.

උදය ගම්මන්පිල මහතා ගෙන් අපි අහනවා එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂය ‍රතිපත්ති ප්‍රකාශනය කියලා තිබුණා කිසි දවසක ඉඩම් විදේශ බලවේගයකට දෙන්නෙ නැහැ කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල අපේ සම්පත් විදේශ බල වලට බලවේග වලට විකුණන්නේ නැහැ කිව්වා හැබැයි අද මෙයා කියනවා අපිට ඩොලර් මිලියන 500ක තේරුම් ගන්න සල්ලි නැති නිසා ඩොලර් මිලියන 500ක පෙර දන්න ඉන්දියාවෙන් තෙල් දෙන නිසා ණය දෙන නිසා තෙල් ටැංකි අවුරුදු ගණනාවකට දෙන්න යනවා කියන තත්ත්වයට හිඟා කන තත්ත්වයට රට පාවාදෙන රටේ ජාතික සම්පත් වෙන්දේසි කරන තැනට අපි වට්ටලා තියෙනවා ප්‍රශ්නය තියෙන්නෙ ඒවා ඇත්ත කතා කරන්නෙ නැතුව එක එක අයට ඇඟිල්ල දික් කරලා දඩමීමා කරලා බොරුව වසාගන්න තමන්ගේ ව්‍යාජ දේශප්‍රේමිත්වය වේවා වසා ගන්න උත්සාහ කරන එක කිසිසේත්ම තෙල් ටැංකි ටික කාටවත් දෙන්න ඕන නෑ ඒක දියුණු කරන්න රුපියල් බිලියනයක් දවසකට ලාභ උපයනවා නම් කාටවත් විකුණන්න ඕන නැහැ .ඒ මුදල්වලින් තෙල් ටික අලුත්වැඩියා කරන්න ඕන තරම් ප්‍රමාණවත්.”