ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පළමූ රැස්විම පෙරවරුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අද දිනයේදි ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමේ නව සාමාජිකයන් ඇතුළු ස්වාධින කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත් කරනූ ඇතැයි මාධ්‍ය වාර්තා පල වුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් සිදු නොවු බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මැතිවරණයක් ගැසට් කර ඇති මොහොතක ආණ්ඩුව විසින් ව්‍යවස්ථාදායක සභාව රැස්කර ඒ හරහා මැතිවරණ කොමිසම වෙනස් කර මැතිවරණය කල් දැමීමට උත්සාහ දරන බවත් එවැනි ක්‍රියාවක් සිදු කළ හොත් ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා තමා ඇතුළු විපක්ෂය ඕනෑම අවස්ථාවක පාරට බසින බවත් ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද දිනයේ අවධානය යොමු වි ඇත්තෙ ව්‍යවස්ථාදායක සභාව ඉදිරියේදී රැස්වන ආකාරය, තීන්දු තීරණ ගන්නා ආකාරය, ඝණ පූර්ණය තිබිය යුතු ආකාරය සම්බන්ධයෙන් පමණක් බවත් සදහන්.