ආණ්ඩුව පැමිණි සැනින් කෝටිපතියන්ට බදු සහන ලබා දී රටේ විනාශයේ දොරගුළු විවර කළ බවත්,එතනින් නොනැවතී සීඩී වංචාවට පොල්තෙල් වංචාවට සුදුලූනු වංචාවට ඉඩහසර ලබාදුන් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

එදා මහබැංකු මහ බැංකු වංචාව පිළිබඳව කෑගැසූ දිනේෂ් ගුණවර්ධන අද අග්‍රාමාත්‍යවරයා බව පැවසූ විපක්ෂ නායකතුමා මහබැංකු වංචාව ටත් වඩා බරපතළ සීනි වංචාව පිළිබඳව ඔවුන් නිහඬව සිටින්නේ යැයි ද පැවසීය.

අද සමස්ත ජනතාව බරපතළ ව්‍යසනයකට ලක්ව සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ 2019 දී ජනතාව ගනු ලැබූ වැරදි තීන්දු තීන්දුවේ ප්‍රතිඵල යයිද යැයිද පැවසීය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටිමින් නැගී සිටි තරුණ පරපුරට එරෙහිව කටයුතු කොට සහ ඔවුන්ව මර්දනය කොට රට ගොඩනැගීමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි දුර්දාන්ත වැඩපිළිවෙලවල් වලට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සහ මුලින් විරුද්ධ බවද පැවසීය.

අද උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් පිරිසිදු වෙන්නට උත්සාහ කරන ඇතැම් කණ්ඩායම් සුනාමි හොරුන්ව මේ රටේ ජනාධිපතිවරු බවට පත්කළ බව අමතක නොකළ යුතු යැයි යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ උතුරු කොළඹ ආසන සංවිධායක සී.වයි.ජී රාම් මහතා විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත බලමණ්ඩල හමුවක් අද(28) පස්වරුවේ පැවැත්විණි.

අති විශාල පිරිසක් එම ආසන බලමණ්ඩලයට එක්ව සිටියහ. සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක් ද ඊට එක්ව සිටියහ.

අනාගතයේදී පොහොට්ටුවත් එක්සත් ජාතික පක්ෂයත් එකට එක්වී තරඟ කරනු ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ඉතිරිව ඇති එකම විකල්පය සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය යයිද යැයිද පැවසීය.